-Chapter 6-

1.1K 248 31
                                    

"ජිමින්ශී ඔ-ඔයා මාව දන්නවද?"

ජන්කුක් ඇහුවේ ගොඩක් පුදුම වෙලා... ජිමින් එයාට කතා කරා ඒකත් එයාගේ නමින්ම- ජන්කුක් ඇත්තටම මේ මොහොතේ බයකට වඩා දැනුනේ පුදුමයක්... ජිමින් කොහොමද එයාව දන්නේ? ඇත්තටම කවුරුත් එයා මිස්ටර් ජෙයොන්ගේ පුතා කියලා දන්නේ නෑ එතකොට කොහොමද ජිමින් එයා ගැන දැනගත්තේ? ජන්කුක් ටිකක් පැකිලෙමින් ජිමින්ට කතා කරා...

ඒ මොහොතේ ජන්කුක්ගේ කටහඩ ඇහුණ ජිමින් උන්නේ වෙනමම ලෝකෙක- එයාට ඇත්තටම තේරෙන්නේ නෑ ජන්කුක් නිසා එයාට මේ මොනවද වෙන්නේ කියලා... එයාට නිකං පිස්සු වගේ.. ජන්කුක් අහපු ප්‍රශ්ණය එයා කලින්ම සැලසුම් කරගත්ත දෙයක් නිසා බොරුවක් උනත් ඒක ඇත්තම වගේ ජිමින්ට කියන්න පුළුවන් උනා...

"අහ්- ඔව් මට ඔයා ගැන කවුන්සිල් එකෙන් කිව්වා.. ඔයාලු මේ බැජ් එකේ දක්ෂම කෙනා ඉතින් මට ඔයත් එක්ක කරන්න පුංචි වැඩක් තියෙනවා..."

"මා-ත් එක්ක? ඒ මොකක්ද?"

ජන්කුක් කලබලෙන් ඇහුවා... එයාට ජිමින්ගේ බොරුව නම් තේරුනේ නෑ ඒත් එයා කලබල උනා මොකක්ද ජිමින් එයත් එක්ක කරන්න යන්නේ කියලා... ජන්කුක් ඇත්තටම ගොඩක් දක්ෂ ලමයෙක් ඒත් එයා ගොඩක් දුක් විදින කෙනෙක්... පුංචි කාලේ ඉදන්ම ලෝකෙට හැංගිලා එයා එයාගේ දක්ෂකම් පෙන්නුවා...

"ඒක- ම්ම් මෙහෙමයි ඒක පොඩි project එකක්, ඔයා බැජ් ටොප් කෙනෙක් නිසා මට උදව් කරන්න පුලුවන් වෙයි..."

"ඒත් මං ඕව ගැන වැඩිය දන්නේ නෑනේ ජිමින්ශී..."

ජන්කුක් ගොඩක් හුරතල් විදිහට තොලුත් පෙරලලා තමයි කතාකරේ- ඔයාලා හිතනවද ජිමින් දැන් හොද සිහියෙන්ය කියලා... ජිමින්ට ඕනා ජින් කිව්ව විදිහට ජන්කුක් එක්ක ටිකක් සමීප වෙලා එයා ගැන නොදන්න දේවල් දැනගන්න... ජින් කිව්ව නිසා කරනවා උනාට ජිමින් මේ වැඩේ කරන්නේ ඇත්තටම හුගක් ආසුවෙන්... ජන්කුක් එක්ක එකට ඉන්නවා කියන එකමත් ඇති එයාට ටේහ්යුං ගැන හිතන එක අමතක කරන්න...

"මං කියල දෙන්නම්, ඒත් ඔන්න ආපහු නම් මට ජිමින්ශී කියන්න එපා.. කැමති නම් ජිමින් හියුන් කියන්න නැත්නම් නමින්ම කතා කරන්නකෝ..."

MY TOPS|VMK|✔Where stories live. Discover now