-Chapter 42-

1.1K 244 68
                                    

"මගේ..."

"නෑ මගේ..."

"බෑ බෑ මගේ..."

"මගේ මගේ මගේ..."

ටේහ්යුං ඒ පාර නම් කෑ ගහලම කිව්වේ එයාලා ඉන්න තැන වටේ උන්න අයවත් බය කරවලයි... මං නම් කියන්නේ ජන්කුක් තාමත් පරක්කු නෑ මේ පිස්සෝ දෙන්නගෙන් බේරිලා පැනලා යන්න...

ටේහ්යුං කෑ ගහලා එයාගේ අදහස කියලා අත් දෙකත් බැදන් අහක බලාගත්තා... ජිමින්ට නම් ටේහ්යුංගේ මල කෝලම් පේන්න බැරි උනාට ජන්කුක්ගේ නම් හදවත දියවෙලා ගියා... ජන්කුක් ඉතින් ටේහ්යුංව දැන් යාලු කරගන්න ට්‍රයි කරනවා...

ජන්කුක් නිකං එකපාර වදකාර, විසේකාර ට්වින්ලා දෙන්නෙක්ට මැදි උන අම්මා කෙනෙක් වගේ වෙලා...

"ටේහ්යුංගී කෝ බලන්නකෝ අනේ මගේ පැත්ත... ඔයා තරහද අපිත් එක්ක..."

ජන්කුක් ස්වීට් වොයිස් එකකින් ටේහ්යුංට කතා කරත් ටේහ්යුං නෙවෙයි බැලුවේ... ජිමින් ටේහ්යුංව යාලුකරගන්න දගලන ජන්කුක් දිහා බලං උන්නේ ඇස් හීනි කරගෙන... ඊරිසියාව කියන දේ උපරිමයෙන් අත් විදිනවා එයා...

"මල කෝලම්..."

ජිමින් ජන්කුක්ටත් වඩා හොදට ගස්සලා අහක බලාගත්තා... එයාලා weekend එකේ පාකින් ඇවිත් කතා කරේ ජන්කුක්ව ජින්ගේ ගෙදරින් ගන්න විදිහක් ගැන... මොකද ඉතින් ඒක එහෙම නොවුනොත් එයාලගේ බෝයිෆ්‍රෙන්ඩ්වම මුණ ගැහෙන්නත් එයාලට appointment දාන්න වෙන කාලයක් උදා වෙන්නේ... ඒත් ඉතින් කතාවේ මුල ඉදන්ම තිබ්බේ දෙන්නම ජන්කුක්ව එයාලගේ ගෙදරට අරගෙන බැරි නම් උස්සන් හරි යනවා කියන මතය... ඉතින් දෙන්නම ඕන උන විදිහට එයාව එයාලගේ ගෙදරට එක්කන් යන එකට වාද කරගත්තා...

දැන් එකම බංකුවේ දෙපැත්තක් බලාගත්ත බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නා මැද ජන්කුක් අසරණ වෙලා ඉන්නවා... ජන්කුක් ඔයා තාම පරක්කු නෑ හොදේ!!!

"මං ජින් හියුන් එක්කම ඉන්නං කිව්වේ මේක වෙනවා කියලා දන්න නිසා තමයි... දැන් බලන්නකෝ උන දේ"

ජන්කුක් තොලුත් නොපිටට පෙරලගෙන කතා කරාම නම් ටේහ්යුංට වගේම ජිමින්ටත් දුක හිතුනා... එයාලා බොරුවට හරි රණ්ඩු වෙලා එයාලගේ චූටි බෝයිෆ්‍රෙන්ඩ්ව අසරණ කරවලා...

MY TOPS|VMK|✔Where stories live. Discover now