-Chapter 28-

879 217 25
                                    

"ඇයි එයාලා තාම නැත්තේ?"

පල්ලෙහාට වෙලා හැංගිලා උන්න ජින් ඇහුවේ ටේහ්යුං ජිමින් දෙන්නා තවම නැති නිසයි... එයාලා මෙහාට ආවේ ජන්කුක්ව බලන්න විතරයි... එහෙනම් මෙච්චර වෙලා යන්න කොහෙත්ම විදිහක් නෑ... ඒ වගේමයි බැරි වෙලාවත් පරක්කු වෙනවා කියන්නේ ජන්කුක් කරදරයක කියන එකයි කියලා ජින්ලා නිගමනය කලා...

"එයාලට කරදරයක්වත්ද?"

"සමහරවිට ජන්කුක් එක්ක කතා කරලා වගේ එයි ජින්.. කලබල වෙන්න එපා"

නම්ජූන් ජින්ව ටිකක් සංසුන් කලා... එයාලා තව ටිකක් බලාගෙන ඉන්න තීරණය කලා... ඔය අතර ඇතුලට ගියපු දෙන්නට අවසානයේ උඩ තට්ටුවේ තිබුණු එක රූම් එකක් ජන්කුක්ගේ කියලා සනාථ කරගන්න පුලුවන් උනා...

මොකක්? ඒක වෙන්න බෑනේ... ජන්කුක් ඉන්නේ බේස්මන්ට් එකේ ඒත් ටේහ්යුං, ජිමින් දෙන්නා එයාලා දැක්ක දේවල් එක්ක මේක ජන්කුක්ගේ කියලා නිගමනය කරලා...

"ඇති යන්තන් අවසානේ හම්බුනා..."

"අනිවාර්යෙන්ම මේක එයාගේ තමයි... හැබැයි ටේහ්යුං ජන්කුක් ඇයි මෙච්චර එයාගේ පොටෝස් අරගෙන එල්ලගෙන ඉන්නේ... මේව දැක්කාම මට ටිකක් බයත් හිතෙනවා"

"බය නොවී ඉන්නවා ගෑනු ලමයෝ... මේක නිකං එයා විනෝදෙට වගේ කරනවා ඇති... අනික පොටෝස් ගොඩක් දැක්ක පලියට ඔහොම බය වෙන්න එපා... ඉක්මනට එයා ඉන්නවද බලලා යමු"

"එහෙම නෙවෙයි ටේහ්යුං ඇත්තටම ඒක ටිකක් අසාමාන්‍යයි කියලයි මට හිතෙන්නේ... බලන්නකෝ අනේ මේ කාමරේ පුරාම වෙන දෙයක් නෑනේ තියෙන්නේ හැම තැනම ගහපු ජන්කුක්ගේ පොටෝස්..."

"අපි ඔය ප්‍රශ්නය හා පැටියගෙන්ම අහමු... ඉස්සෙල්ලාම එයාව හොයාගමු"

ටේහ්යුං, ජිමින් ඇතුල් උන කාමරේ බිත්ති පුරා වගේම හැම තැනම තිබුණේ ජන්කුක්ගේ පොටෝස් විතරමයි... එක එක ඈන්ගල් වලට ගත්තුවා ඒ අතර තිබුණා... ජන්කුක්ගේ අවුරුදු ගානක පොටෝස් එකතුවක් ඒ කාමරේ පුරාම තිබුණා... ටේහ්යුං, ජිමින් මුලින්ම ඒ පෝටෝස් නිසා ජන්කුක්ගේ කාමරය ඒක කියලා හිතුවත් අච්චර පොටෝස් දැකපු ඒ දෙන්නට නම් ටිකක් විතර සැකත් හිතුනා...

MY TOPS|VMK|✔Wo Geschichten leben. Entdecke jetzt