-Chapter 21-

812 211 27
                                    

"හියුන්ගිලා..."

ජන්කුක් දුවගෙන ජින්ලා ගාවට ආවා...

"ජන්කුක් කෝමද දැන් ඔයාට?"

"ටිකක් රිදෙනවා නම්ජූන් හියුන් ඒ තරම් නෑ දැන්"

"ඒනම් හොදයි..."

ජිනු ජන්කුක්ගේ කොණ්ඩෙ ඇවිස්සුවා...

"කොහේ යන ගමන්ද මේ දුවං ආවේ?"

"ජිමින් හියුන්ව හෙව්වේ ඒත් එයා නෑනේ අනේ..."

"කොල්ල දැන් ජිමින් හියුන් එක්කමයි නේද? මොනා මොනා හරි තියෙනවද අපි නොදන්න ආ..."

නම්ජූන් ජන්කුක්ට විහිලු කරමින් ඇහුවා... ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලාගත්තා...

"ඒම මුකුත් නෑ"

ජන්කුක් බිම බලන්ම උත්තර දුන්නා...

"හරි හරි අපිට කියන්න එපා ඕවා... බලමුකෝ ඉතින් අපෙත් උදව් ඕන වෙයිනේ පස්සේ"

"අනේ හියුන්ගී..."

ජන්කුක් ජින් විහිලු කරන එකට කෑ ගැහුවා...

"ඔහොම හිනා වෙලා ඉන්න හැමදාම"

ජින් ජන්කුක්ගේ ඔලුව අතගාලා කිව්වා... ජන්කුක් ඒක නිකං කියන්න ඇති කියලා හිතුවත් ජින් ඒක කිව්වේ වෙන හේතුවකටයි...

"ඇත්තටම ජිමින් කොහෙද ජූන්?"

"දන්නෑ... ආ මං දැක්කා උදේ නම් ටීම් එකේ ලමයි එක්ක මොනාද මොනාද කියෝ කියෝ උන්නා... සමහරවිට එයාලත් එක්ක ඇති තාම නැත්නම් එනවනේ අපිව හොයාගෙන..."

"ඔව් නේ තව දවස් ටිකයිනේ අර මැච් එකට තියෙන්නේ... ඊයෙත් වලිය නිසා practice නතර උනා මේ දවස් ටිකේම ඒ නිසා දවසම practice වලට යාවී..."

ජින් ඒ විදිහට කියලා ජන්කුක් දිහාවට හැරුනා...

"හදිස්සියක්ද? නැත්නම් අපිත් තව ටිකකින් ඒ පැත්තට යන්න ඉන්නේ... ඕන නම් එන්න"

ජින් අහද්දී ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා...

"ම්ම් ජන්කුක් මං දෙයක් අහන්නද? ආහ් එක්කො ඕන නෑ දැන් අපි යන්න ගියපු ගමන යමුකෝ..."

ජින් ජන්කුක් නම්ජූන් තුන් දෙනා ඊලගට ජිමින්ව හොයාගෙන යන්න පිටත් උනා...














MY TOPS|VMK|✔Onde as histórias ganham vida. Descobre agora