-Chapter 48-

1.1K 188 9
                                    

"මාම්..."

ජීහාන් කතා කරාම යූරා ඒ පැත්ත බැලුවා... ජීහාන් තනියම නෙවෙයි ඇවිත් තියෙන්නේ කියලා දැක්කාම එයාට තවත් බයක් දැනුනා... මොකද වැඩේ වරදින්නයි යන්නේ.. කොහොම එයාලා එයාව හොයා ගත්තේ? අනිවාර්යෙන්ම ජීහාන්ගේ ඩෑඩ්ගේ අයගෙන් තමයි දැනගන්න ඇත්තේ කියලා යූරා නිගමනය කලා...

"මේක මගේ වැඩක් එහාට වෙලා ඉන්නවා ජීහාන් ඒ වගේම ඔයත්..."

යූරා තරහෙන්, වියරුවෙන් ජීහාන්ටයි එයාගේ ඩෑඩ්ටයි කෑ ගැහුවා...

"යූරා ඔය අහිංසකයට යන්න දෙනවා..."

"මාම් ප්ලීස් ඔයාට බෑ මෙහෙම කරන්න... ජන්කුක් කියන්නේ මගේ සහෝදරයා"

යූරාගේ අතේ තිබුණු ගන් එක මේ වෙද්දිත් ලෝඩ් කරලා තියෙන බව දැක්ක ජීහාන් ගොඩක් බය උනා... එතන ජන්කුක් ඉන්නවා, වෙන කවුරුත් නෙවෙයි ජන්කුක් එතන ඉන්නේ... ජන්කුක් කියන්නේ ජීහාන්ගේ සහෝදරයා ඒත් ජීහාන් ජන්කුක්ට ගොඩක් කැමතී...

ආදරය කරන්නේ කොහොමද කියලා දන්නේ නැති උනත් ජීහාන් ජන්කුක්ට ගොඩක් කැමතී... එහෙම තියෙද්දිත් එයාගේ මාම්ම තමන් ආදරය කරන කෙනාව මරන්න යද්දී කොහොම දැනෙයිද? ජීහාන් බය වුනේ ඒ දේටයි...

ජීහාන් ඉස්සරහට ඇවිදගෙන ආවා සමහරවිට එයාගේ මාම් එයාට වෙඩි නොතබාවී කියලා හිතලා වෙන්න පුලුවන්... එයාට ඕන උනේ යූරාගේ අතේ තියෙන ගන් එක අයින් කරන්න... එතකොට ජන්කුක් ආරක්ෂිතයිනේ...

"යනවා ජීහාන්... මේ උබේ සහෝදරයෙක් නෙවයි හිගන්නියකගේ ලමයෙක් විතරයි... මූ ඔයාට අයිති දේවල් වලට අයිතිවාසිකම් කියනවා... අද මට මේකව මරලා දන්නම ඕනා..."

ජීහාන්ට දැනුනා එයාගේ මාම්ගේ වියරු වැටුන කේන්තිය... ඒකට එයත් වග කියන්න ඕනා කියලයි එයාට හිතුනේ... දැනුයි ජීහාන්ට එයාලා මෙච්චර දවසක් කරපු නරක දේවල් තේරෙන්න ගන්නේ...

"එයාට අයිති දේවල් ජෙයොන් අප්පා එයාට දීලා... මේක දැන් හොදටම ඇති මාම් මං ඇමරිකා යන්න තීරණය කලා... අපි දෙන්නා එහේ යමු මේක දැන් දුර දිග ගියා වැඩී... එයා අපිට වැරැද්දක් කරලා නෑනේ..."

MY TOPS|VMK|✔Where stories live. Discover now