-Chapter 43-

990 200 48
                                    

"අනේ දෙවියනේ මේ කාමරේට මොකක්ද කරගත්තේ ලමයෝ?"

මීරා ඔලුවේ අත්දෙකත් ගහගෙන කෑ ගහලා අහද්දී පැය තුනකට ආසන්න කාලයක් නාපු ටේහ්යුං එලියට ආවා...

ඇබ්ස් එහෙම ගානට හිටලා තියෙන ටේහ්යුංගේ ඇගේ තාමත් පිහි නොදාපු වතුර ගලාගෙන යනවා... ලා දුඹුරු පාටකට හුරු දිලිසෙන පැහැපත් හමක් තිබුණු ඒ ඇග අවුරුද්දක් බැලුවත් ඇති වෙන්නෑ... ටේහ්යුං හෙන හොට් ලුක් එකක් එන විදිහට බාගෙට ඇගත් පිහං යටටම වෙන්න ටවල් එකත් ඇදගෙන කොණ්ඩේ ගස ගස ස්ලෝ මෝශන් ආවට මොකද එයාව බලන්න මෙතන කවුරුත් නෑනේ... ඉන්න එකම කෙනා මීරා උනත් එයා මේ වෙද්දී එයාගේ පුතන්ඩියගේ ලස්සන ඇග බලන්න පුලුවන් මානසික මට්ටමක නෑ... ඒත් ටේහ්යුං නම් හැසිරෙන්නේ එයා නිකං මොඩ්ල් කෙනෙක් වගේ...

"මාම් ඇයි අනේ කෑ ගහන්නේ?"

ටේහ්යුං කණ්ණාඩිය ලගට එයා ඇදලා ඇදලා දාපු ඇදුම් උඩින් පැන පැන නට නට ගියා... ඊලගට ඩෑඩ්ගෙන් උස්සපු ප'ෆියුමුයි එයාගේ ඒවයි සේරම ගා ගන්න දිහා මීරා බලං උන්නේ 'හොදට හිටපු එකාට මොකක්ද දෙවියනේ මේ උනේ?' කියලා වගේ... මොකද ටේහ්යුං එයාටම මොනාදෝ කිය කිය අර ප'ෆියුම් නාන වැඩේ යස අපූරුවට කරගෙන යනවනේ...

තවත් ඒ විකාර දිහා බලන් ඉන්න බැරි කමට මීරා කෑ ගැහුවා...

"කිම් ටේහ්යුං?"

"ඔව් කියන්න මිස් මීරා?"

ටේහ්යුංනුත් ගානක් නැතුව ආපස්සට කතා කරා...

"ඔහේ මොන නාඩගමක් නැටුවද මේ කාමරේට වෙලා? ඇයි මේ හැම තැනම ඇදුම් ඇදලා දාලා ආ? එතකොට- එතකොට අර මොනවද පැක් කරගෙන තියෙන්නේ? කතාකරනවා ටේහ්යුං..."

මීරා මල පැනලා කෑ ගැහුවා... ඒත් එයාගේ කෑ ගැහිල්ල ඉපදුනු දා ඉදන් අහන එකේ ටේහ්යුංට නම් ඒක ගානක් නෑ... එයා එයාගේ පාඩුවේ ලොකු වැඩක්... වැඩේ ගැන කිව්වොත් එයා හෙමීට ටවල් එකෙන් වැහිලා තියෙන කෑල්ලටත් ප'ෆියුම් ටිකක් ගහගත්තා...

"ටේ කතා කරනවා..."

"ඕකේ ඕකේ මාම් කෑ ගහන්න එපා... මං කාමරේ හැඩි කරේ මගේ ඇදුම් ටික පැක් කරගන්නයි... ඉතින් ඕක ආපහු අස් කරලා දාන්න අනේ ඕක ලොකු දෙයක් යෑ"

MY TOPS|VMK|✔Where stories live. Discover now