-Chapter 20-

883 210 11
                                    

ජන්කුක් කණුවකට මුවා වෙලා උන්නා... ආපහු යන්න හැරිලත් ආපහු උන්නේ ඒකට තෑන්ක් කරන්නම ඕනා කියලා හිත කියපු නිසයි... ජන්කුක් බලාගෙන උන්නා ජිමින් තවත් පිරිමි ලමයි කට්ටියක් එක්ක හිනා වෙවී කතා කරන දිහා... ජිමින් කඩවසම්, ජිමින්ගේ හිනාව ගොඩක් ලස්සනයි... ජන්කුක් පපුවට අත තියාගෙන ජිමින් දිහා බලාගෙන උන්නා...

ටේහ්යුං ලෙක්චර් එක කට් කරලා එලියේ ඇවිදිමින් උන්නේ... හෝසොක්, යුන්ගි දෙන්නා ඊයේ උන රණ්ඩුවෙන් පස්සේ ටේහ්යුංට කතා කලේ නෑ... ටේහ්යුං දන්නවා එයාගේ අතේ වැරැද්දක් නෑ කියලා ඉතින් එයා ඒක නිසා ඒ දෙන්නව හොයන්න ගියෙත් නෑ... යුන්ගි, හෝසොක් දෙන්නම තරහා උනා හෝ එයාව මග අරින්නේ ජිමින් එක්ක ගහගත්ත එකට නෙවෙයි ජන්කුක්ට උන දේටයි කියලා ටේහ්යුං දැනුවත් නිසයි එයා පැත්තකට වෙලා උන්නේ... ටේහ්යුංට බඩගින්නක් වගේ ආව නිසා එයා කැන්ටිම පැත්තට ගියා... ඒත් ටේහ්යුං නැවතුනේ බිත්තියකට මුවා වෙලා හොර ගල් අහුලන ජන්කුක්ව දැකලා...

"ඔයා ඇත්තටම කියුට් හා පැටියෝ... කොහොමද ඉතින් එකපාරටම අමතක කරන්නේ ඔයාව?"

ජන්කුක්ගේ හැසිරීම දිහා බලාගෙන ටේහ්යුං තනියම හිනා උනා... ටේහ්යුංට ජන්කුක් එක්ක කතා කරන්න ඕන උනා... යනවද නැද්ද කියලා ටිකක් වෙලා හිතලා ටේහ්යුං හෙමින්ම ජන්කුක් ගාවට ලං උනා...

"හැන්ඩ්සම්..."

ජන්කුක් ජිමින්ව වර්ණනා කලා... ඒත් එක්කම වගේ ටේහ්යුං ජන්කුක් ගාවට ලං වෙලා,

"කා ගැනද තනියම මුමුණන්නේ හා පැංචෝ?"

ජන්කුක්ගේ කනට කරලා කිව්වා... නොසිතපු මොහොතක ඒ ගැඹුරු කටහඩ ඒ මොහොතේ ජන්කුක්ගේ රෝම පවා කෙලිං කරන්න සමත් උනා... ජන්කුක් බයෙන් වගේ ටේහ්යුං දිහා බැලුවා ටේහ්යුං ජන්කුක්ට ඇහැක් ගැහුවා... ටේහ්යුං තවමත් ජිමින්ව දැකලා නෑ වගේ-

"තනියම කියවන්නේ අපිටත් ඇහෙන්න කියන්නකෝ බලන්න..."

ටේහ්යුං ජන්කුක්ගේ නිකටෙන් අල්ලලා ඔලුව උඩට කරා... ටේහ්යුංගේ මූණ ටිකක් වෙනස් උනා- ජන්කුක්ගේ තුවාල දැකලා...

"ඒක ඒ තරම් හයියෙන් වැදුනද?"

ටේහ්යුංගේ කටින් ඉබේම කියවුනා... ජන්කුක් බයෙන් තාමත් ටේහ්යුංගේ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් උන්නා... ටේහ්යුංගේ ඇස් නම් පැලුන තොලයි, නිල් වෙලා තියෙන ජන්කුක්ගේ කම්මුල් මතයි තිබුණා...

MY TOPS|VMK|✔Where stories live. Discover now