-Chapter 22-

828 212 48
                                    

ජන්කුක් අතින් පෝන් එක බිමට වැටුනා... එහෙම්මම බිම ඉදගත්ත ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... ඇහුන දේ හීනයක් වෙන්න කියලා හිතන ගමන් හයියෙන් හුස්ම ගත්තා...

'මං ආවා බේබී.. ඔහොම්මම ඉන්න මං දැන් ඔයාගේ යුනී එක ලගමයි ඉන්නේ'

ඒ වචන එක්ක ජන්කුක්ට එයාගේ සැනසීම නැතිව ගියා, නිදහස නැතිව ගියා... කොහොමද එහෙම උනේ? ජීහාන් එන්න තව ගොඩක් කල් තියෙනවානේ ඒත් මේ හදිස්සියෙම ඇයි? ජන්කුක්ට හිතාගන්න බැරි උනා ජීහාන් කලින්ම එන්න හේතුව... ඒ කියන්නේ ජන්කුක්ට තවදුරටත් නිදහසක් නෑ කියන එක නේද?

ජන්කුක්ට පෝන් එකක් නෑ කියලා ජිමින් දන්නේ නැති උනාට ඒක ජීහාන් දැනගෙන උන්නා... ජන්කුක්ගේ හැම දෙයක්ම දැනගෙන උන්නේ ජීහාන්- ඒත් මේ දවස් ටිකට ජන්කුක් ජීහාන්ව අමතකම කරලා දාපු නිසා එයාට නිකමටවත් එයා මේක එවන්න ඇතී කියලා හිතුනේ නෑ... හැබැයි පෝන් එක ජන්කුක්ට ජීහාන් එවපු එකක්...

"මං දැන් මොකද කරන්නේ? ඔම්මා මට බයයි..."

ජන්කුක්ගේ ඇස් වලට කදුලු ඉනුවා... ඇයි මේ තරම් ඉක්මනට ඒක උනේ? ජන්කුක් එයාට හම්බුන නිදහස පාවිච්චි කරන්න පටන්ගත්තා විතරයි ඒක නැතුව ගියා... මේ වෙද්දිත් ජීහාන් ජන්කුක්ව ගන්න යුනිවර්සිටි එක ලගටම ඇවිත්...

"බේබී..."

ජන්කුක් බයෙන් උන්න මොහොත උදා උනා... ජන්කුක් උන්න තැනට ජීහාන් ඇවිදගෙන එන ගමන් ජන්කුක්ට අත වනලා කතා කරා... ජන්කුක් කදුලු පුරවගත්ත ඇස් වලින් ජීහාන් එයා ගාවට එනවා අසරණ විදිහට බලාගෙන උන්නා... ජිමින් ගාවට- නැත්නම් ටේහ්යුං ගාවට මේ මොහොතේ ජන්කුක්ට දුවන්න පුලුවන් උනානම්... ඒත් ජන්කුක්ට ඒක කරන්න බෑ...

"බේබී මොකද මේ බිම වාඩි වෙලා..."

ජීහාන් ජන්කුක්ව නැගිට්ටුවා... ජන්කුක්ගේ ඇස් වල කදුලු දැකපු ජීහාන්,

"බේබී ඔයා වැටුනද? කෝ බලන්න ඔයාට තුවාල වෙලා එහෙම නෑ නේද?"

ජීහාන් හිතුවේ ජන්කුක් වැටිලා අඩනවා කියලා... ඒත් ජන්කුක් අඩන්නේ ජීහාන් නිසයි...

"ම-මං හොදින්"

ජන්කුක්ව ජීහාන් අතගෑවා... එයා ඒක කලේ ජන්කුක්ගේ තුවාල බලන්න උනත් ඒ touch එක ජන්කුක්ව අපහසුතාවයට ලක් කලා... ජන්කුක් ඉක්මනට ජීහාන්ට උත්තර දීලා එහාට උනා... ජීහාන්ට ජන්කුක් කරපු වැඩේ නොතේරුනා නෙවෙයි එයා ජන්කුක්ගේ අතක් තදින් මිරිකලා ඇල්ලුවේ ජන්කුක්ගේ ඇස් වලින් කදුලු පනිද්දී...

MY TOPS|VMK|✔Where stories live. Discover now