-Chapter 23-

848 225 66
                                    

"ඒහ් නම්ජූන්, ජින් ඔයාලා ටේහ්යුංව එහෙම දැක්කද? අද දවසටම ඒ හාදයාව දැක්කේ නෑනේ අපි..."

හෝසොක් කෑ ගහලා පැත්තකින් ඇවිදගෙන ගිය ජින්, නම්ජූන් දෙන්නට කතා කලා.. එයාලාත් අත වනද්දී හෝසොක් එයාලගෙන් ටේහ්යුං ගැන ඇහුවා... ටේහ්යුං ඉතින් අද දවසම හෝසොක්, යුන්ගි දෙන්නව මග ඇරියනේ... ඒ වගේම දැන් ඉන්නේ විශේෂ Detective වැඩකනේ..

"ටික වෙලාවකට කලින් නම් sport room එකේදී දැක්කා... එතන නම් උන්නේ ඇදුම් එහෙම මාරු කරලා සමහරවිට practice කරන තැන ඇති"

ජින් උත්තර දුන්නා...

"එහෙමද? එහෙනම් අපි ගිහින් බලන්නම්... කෝමත් එයාව අල්ලගන්නම ඕනා හොදවයින් දෙකක් කියන්න ඊයේ උන දේට-"

"අනේ මංද ඉතින් ඒ රණ්ඩුව ජිමින් පටන් ගත්ත එකක් නිසා ටේහ්යුංගේත් වරදක් නෑ.. අපිත් ඒ පැත්තටමයි යන්නේ ජිමින් එතනනේ"

"එහෙනම් දෙගොල්ලොම යමු"

පස්සේ හතර දෙනාම එකටම ෆුට් බෝල් ටීම් එක practice කරන තැනට ගියා... ඒත් ඉතින් එතන ඔය එයාලා හොයන ජීවියෝ දෙන්නා ඉන්න විදිහක් නෑනේ...

"ටේහ්යුං එතන නෑ... කොහේ ගිහින්ද මංදා"

යුන්ගි කරදරකාරී විදිහට කිව්වා...

"ජිමිනුත් පේන්න නෑ වගේ... මුං දෙන්නා ආපහු අස්සකට වෙලා ලව් කරනවද දන්නෑ..."

නම්ජූන් කියද්දී යුන්ගි, හෝසොක් පුදුමයෙන් එයා දිහා බැලුවා... ඒ දෙන්නා කොහෙද ලව් කරන්නේ කියලා බලනවා වගේ...

"ඔහොම බලන්න එපා කලින් සැරේ අපිට ඒ දෙන්නව මීට් උනේ sport room එක ඇතුලේ බදාගෙන කිස් කරන්න යනකොටයි..."

නම්ජූන් තවත් විස්තර කරලා කියද්දී හෝසොක්, යුන්ගි දෙන්නගො ඇස් උඩට උඩට උඩට ගියා තව ටිකක් ගියා නම් ඔලුවෙනුත් එලියට පනිනවා...

"හෑ..."

යුන්ගිගේ කටත් ඇරුනා... මොන බූත කතාවක්ද ඒ?

"හෑ නෙවෙයි ඔව්... එයාලා දෙන්නා උන්නේ බිම බදාගෙන... ඇත්තම කිව්වොත් romantic විදිහට කිස් කරන්න යන ගමන් උන්නේ... හැබැයි අපි ආව එකෙන් කලබල වෙලා ඒක නතර කලානේ"

MY TOPS|VMK|✔Where stories live. Discover now