-Chapter 10-

1K 236 10
                                    

ටේහ්යුං දැක්කා ජන්කුක් වේගෙන් එක පැත්තකට දුවගෙන යනවා... අද එයාලා යුනිවර්සිටි නොගියත් නිසා ටේහ්යුං එකපාරටම බය උනා මොකක්හරි වෙලාද කියලා... ටේහ්යුං මුලින්ම හිතුවේ ජන්කුක් පස්සෙන් කවුරුහරි පන්නනවා කියලා ඒත් ටිකක් වෙලා යනකංම කවුරුත් ආවේ නැති නිසා කුතුහලය වැඩි උනා... ටේහ්යුං එකපැරටම එතනින් නැගිටලා එයාගේ යාලුවෝ දෙන්නටවත් කන් නොදී දුවගෙන ගිහින් බයික් එකට නැග්ගා... ලෑල්ලටම පාගලා ජන්කුක් දුවගෙන ගියපු පැත්තට දුවද්දී කලින් වේගෙන්ම ජන්කුක් තවමත් දුවනවා කියලා ටේහ්යුං දැක්කා... ජන්කුක් අමුතුයි ඒත් ටේහ්යුං ඒකට කැමතී... ටේහ්යුං ඉක්මනට බයික් එක රේස් කරගෙන ගිහින් ජන්කුක් දුවන පාර හරස් කරලා නැවැත්තුවා... ඉක්මනට බයික් එකෙන් බැහැලා එයා ජන්කුක්ව හරස් කරලා හිටගත්තා... වේගෙන් දුවගෙන ආව ජන්කුක්ට එයාව එකපාරටම නවත්තගන්න බැරුව නතර උනේ ටේහ්යුංගේ ඇගේ වැදිලා ටේහ්යුංව බදාගෙන... ෆ්‍රී ලැබුණ චාන්ස් එක නිසා ටේහ්යුංනුත් ජන්කුක්ව තවත් තදින් බදාගත්තා...

ඒත් ජන්කුක් එකපාරට පිටිපස්සට ගියා...

"කොහෙද මේ දුවන්නේ?"

ජන්කුක් තමන්ව දැකලා පුදුම උනා කියන එක ගනන් ගන්නේ නැතුව ටේහ්යුං කතා කරා...

"ග්-ගෙදර ය-න-වා..."

ජන්කුක් උත්තරයත් එක්ක ටේහ්යුං ජන්කුක්ට ලං උනා... ගොඩක් ලං උනා... ඇත්තටම ටේහ්යුං ජන්කුක් දෙන්නගේ නහයවල් වල සියුම් ස්පර්ශයක් වෙනකං ලං උනා... ජන්කුක් ඇස් ලොකු කරගෙන ටේහ්යුංගේ ඇස් දිහා බැලුවා... ඒවා දිගයි වගේම කඩවසම්~ ඇස් කඩවසම් ජන්කුක්ට පිස්සු තද වෙලා... ඊටත් වඩා ටේහ්යුංට පිස්සු තද වෙලා... මොකද එයාගේ හදවත මේ වෙද්දී එකසිය ගානට ගැහෙන්න අරගෙන ජන්කුක්ගේ වගේමයි... ජන්කුක් ඉතින් දුවගෙන ආව නිසා එහෙම උනා කියමු හැබැයි ඒක බොරුවක් ඉතින් ඒත් කොහොම හරි ටේහ්යුංගේ පපුවත් ජන්කුක්ගේ පපුව වගේම වේගෙන් ගැහුනා... ටේහ්යුං ජන්කුක්ගේ බෝල ඇස් වලට වශී වෙලා වගේ... ජන්කුක් ගාවින් විශේෂ ප'ෆියුම් සුවදක් එන්නේ නම් නෑ ඒත් ටේහ්යුං ජන්කුක්ගේ සුවදට වශී වෙලා වගේ... ඒක හරිම සැහැල්ලුවක් දැනෙන සුවදක් උනා...

MY TOPS|VMK|✔Där berättelser lever. Upptäck nu