☠ 01 ☠

416 56 108
                                    

" මමී ප්ලීස් මමී...අ...අනේ ඩැඩා මං වැදල කියන්නම් ඩැඩා... මට මේ මනුස්සය මැරි කරන්න බෑ... ප්ලිස් ඩැඩා.... අ...අනේ... මගෙ ටේහියුන් ව දාල මට මේ මිනිහ ලගට යන්න බෑ ඩැඩා.... "

මං කොයිතරම් කෑ ගැහල ඇඩුවත් මමීගෙයි ඩැඩාගෙයි හිත නම් උණු වුණේ නෑ...

" ටේ හියුන්...? හහ්... ඌට දෙන්න අපි ලමයි හදල නෑ... ඌ අපෙ පරම්පරාවෙම හතුරෙක්.... ඌ කාලකන්නියෙක්... තෝ අද ජින් ව බදින්න ම ඕන... කෝටි ගානක දේපල යකෝ... ලේසි නෑ.... දේපල ටික අපේ අතට අරගත්තට පස්සෙ තෝ ඕන මගුලක පල... නැහැදිච්ච එකී..."

ඩැඩා එහෙම කියාගෙන කෑ ගහන ගමන් මගෙ කොණ්ඩෙන් ඇදගෙන පහලට ආවෙ මං ඔහේ ලෙහෙන්ග එකත් පැටලි පැටලි ඇදිල එද්දි...

අද ජින්ගෙයි මගෙයි කසාදේ... ජින්...? මගෙ ඩැඩාගෙ වයසෙ කෙනෙක් කිව්වොත් හරි.... දේපල තන්හාව නිසා අද ඒගොල්ලො හදන්නෙ තමන්ගෙ එකම දුවව නාකි මිනිහෙකුට බන්දල දෙන්න.

" අනේහ්... මට බෑ මමී... මමී... ප්ලීස් මාව බේරගන්න... අනේ..."

මටත් රවල මගේ අත තදකරල අල්ලගත්ත මමී...

" උඹව මරන්න අරගෙන යන්නෙ නෑ... දෙයියනේ කියල මේ හිටියට වඩා සැපට ඉන්න පුලුවන් උබට..."

ඩැඩා... ඩැඩා කියනවට වඩා මම කැමති තාත්ත කියන්න... ඒක වඩා ආදරණීය යි... ඒත් තාත්ත කියන්න ඕන තාත්ත කෙනෙක් කියල කියන්න සුදුසු මිනිහෙකුට. තාත්ත කියන්නෙ කවදාවත් සාධාරණ විදිහට සල්ලි හම්බ කරපු මනුස්සයෙක් නෙවේ... ඒක තේරුම්ගත් දවසෙ ඉදන් මට ඕන උනේ රස්සාවක් කරන්න. අසාධාරණ සල්ලි වලින් මගේ ඕන එපාකම් පිරිමහගන්න  මට ඕන උනේ නෑ. පොඩි කාලෙ ඉදන් බටහිර ගතිපැවතුම් යටතේ හැදී වැඩුනත් වයසින් මුහුකුරා යත්ම සිංහල සංස්කෘතිය ට අනුව හැඩ ගැහෙන්න මං ආස කලා... මමී ගැන නම් කතා කරල වැඩක් නෑ...ක්ලබ් වලට ම දිය වෙලා ගිය ජීවිතයක් එයාට තිබ්බෙ.

එතකොට ටේ හියුන්ග්.... ලංකාවෙ number one businessmen ලගෙන් එක්කෙනෙක්..ගොඩක් සාධාරණව හම්බ කරල තමා එයා, එයාගෙ පවුලෙ අය ඔය තත්වෙට ඇවිල්ල තියෙන්නෙ... අසාධාරණ ව සල්ලි හම්බකරල පුරුදු අපේ ඩැඩා ලගෙ පරම්පරාවෙ මිනිස්සුන්ට ටේහියුන්ගෙ පරම්පරාව පෙනුනෙ නයාට අදුකොල වගේ... business ෆීල්ඩ් එකේ ටේහියුන්ට ගොඩක් හතුරො හිටියා. ලොකුම හතුරා මගෙ ඩැඩා. ඒ තරහෙ ප්‍රතිඵලයක් වශයෙන් ටේ ගෙ තාත්ත ට මේ ලෝකෙ දාල යන්න උනා. ටේ මට පණ ඇරල ආදරෙයි.  එයා කියන විදිහට එයාගෙ මුලු ලෝකෙම මම... මගේ ජීවිතේ ටේ ගෙන් තොර වටිනා කිසිම දෙයක් නෑ...

💀☠REVENGE ☠💀Kde žijí příběhy. Začni objevovat