☠️17☠️

207 40 41
                                    

" ජින් ....."

මම අඩ නින්දෙන් වගේ ආයෙත් කතා කළේ යමක් මතක් වෙලා.එයා නින්දෙන්ම මාව තවත් තුරුල් කරගත්තා.

" ඔයා අහගෙනද ඉන්නේ..."

මම ආයෙම ඇහුවා.

" හ්ම්ම්..කියන්න..."

" ඊයෙත් ඇර ගද ආව ජින්...මට හරි බයයි."

" මොන...."

" අර අනේ ඔයාත් කියුවේ ගේ පැත්තෙන් නිතරම අමුතු කුණු ගදක් එනවා කියලා...."

" ආහ් ඔවු ඉතින්...."

" ඒක සැරින් සැරේට එනවා..."

" හ්ම්ම්...."

" පොඩ්ඩක් බලනවාද හෙට උදේට ගේ අවට.අර එහා පැත්තට වෙන්න තියෙන කැලෑවත් බලනවාද.මනුස්සයෙක්ව මරලා දාලද දන්නේ නෑ...."

" හා.....මම මැරුවා කියලද හිතන්නේ..."

එයා නින්දෙන් අහන්නේ.

" නෑ මනුස්සයෝ මොකක් හරි වෙනවා මෙතන..."

මම කියුවා.

" හ්ම්...හ්ම්...උදේට බලමු..."

එයා එහෙම කියලා බෙඩ්ශීට් එකත් පොරවගෙන අනික් පැත්ත හැරුනා.

ටික වෙලාවක් යන්න ඇති...ජින්නම් මැරිලා වගෙ නිදි.අත් කකුල් සතර දිශාවල.මමත් එයාට පිටුපාලා ඇස් පියාගන්න හැදුවා විතරයි.මගේ මේසය ලග පුටුවට කවුරුහරි ගොඩ වෙනවා දැනුනේ මට.කිටී දගලනවා ඇති.මම එහෙම හිතලා ඒ දිහා නොබලා ඇස් දෙක පියාගත්තා.විනාඩියක් දෙකක් යන්න ඇති.හයියෙන් හුස්ම ගන්නවා කවුරුහරි පරිසරයේ තිබුන නිහඩතාවය එක්ක මට ඇහෙනවා.ඒ ජින්ගේ පැත්තෙන් නෙවෙයි.මගේ මේසය ලගින්.මම හිමීට ඇස් ඇරලා බැලුවා.නින්ද නිසා ඇස් අදුරට හුරු කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.ලාවට ගේ ඇතුළට බේරෙන හද එළියට මට චුට්ට චුට්ට එතන පේන්න ගත්තා.

ඒ පුටුවේ කවුරුහරි වාඩි වෙලා ඉන්නවා.ඒක හොදට තේරෙනවා.කලුපාට ටිකක් උස මනුස්සයෙක් වගේ...ඉන්න ඉරියව්වෙන් එයා මගේ පැත්ත හැරිලා වාඩි වෙලා ඉන්නේ කියලා හොදටම තේරුනා මට.

"ජින්......"

මම හයියෙන් කෑගැහුවා.මම ජින්ගේ පැත්තට හැරුනේ එයාට ඇහැරවන්න.

💀☠REVENGE ☠💀Where stories live. Discover now