☠️22☠️

231 45 83
                                    

මම කලබලයෙන් ගිහින් දොර ඇරියේ...එයා බිම පාත් වෙලා ඉන්නවා මගේ පර්ස් එකේ විසිරුණු බඩු අහුල අහුල ෆෝන් එකත් කනේ ගහගෙන...

මම පිම්මේ එතනට ගිහින් දණහිස්වලින් බරවෙලා පර්ස් එක පිළිවෙලක් කලේ.ඒත් කෝ හොර ලාච්චුවේ යතුර...

වටේටම රේඩාර් එක දැම්මා...

ජින්ගේ පිටිපස්සේ කාමරේ මේසය ලගට වෙන්න යතුර තියෙනවා.මෙයාට සැක නොහිතෙන විදියට අහුලගන්න ඕනි...මම පර්ස් එකත් පිළිවෙල කරලා එයා එක්කම නැගිට්ටා....

ජන්කුක්  එක්ක හරි ජිමින් එක්ක හරි බර කතාවක් එයා...එයා අල්මාරියේ එයාගේ පැත්තා ආයෙත් කලබලයෙන් අවුස්සන්න ගත්තා.මම ශේප් එකේ මේසය ලගට ගිහින් එතන පොත් බොරුවට එහාට මෙහාට කරන ගමන් හොරාට එයා දිහා බලලා ඉක්මනින්ම යතුර ඇහිදගෙන පර්ස් එකට දාගත්තා...

කලබලයෙන් ෆෝන් එකත් කනේ ගහගෙන හිටපු ජින්  දැක්කේ ක්ශණිකව නැවිලා යතුරක් අරගෙන කලබලයෙන් ඒක සදලි පර්ස් එකට දාගන්න විදිය....

ජින් ගේ හිතේ අමුතුම විදියක සැකයක් ඇති වුනත් නැවතත් පියවි සිහියට ආවේ එහා පසින් ජිමින් කතා කරපු නිස...තවත් විනාඩි පහක කාලයකට පසු අවශ්‍ය ෆයිල් එක සොයාගත් ප්‍රසන්න ඉක්මනට ඇදුමක් දාගත්තේ ගනුදෙනු කරුවෙකුට ෆයිල් එක ලබාදීමට පිටව යෑමට...

" සදලි..."

මම සෝෆා එකො  වාඩි වෙලා නූලෙන් බේරුන විදිය ගැන කල්පනා කර කර හිටියේ...එයා කතා කරපු සද්දෙට මම ගැස්සිලා පිටිපස්ස හැරුනේ...එයා කොහෙට හරි යන්න ලෑස්ති වෙලා.රිප් ඩෙනිමකට පපුවෙන් බාගයක් පේන බටන් ඇරලා තියෙන කලු පාට චෙක් ශර්ට් එකක් ඇදලා කැන්වස් දෙකකුත් දාගෙන වාහනේ යතුරයි ෆයිල් එකකුයි උස්සගෙන පහළට එනවා...

මම නැගිටලා ආවා...මෙයා එන්න පරක්කු වෙයිද...ආයෙත් විකාර පේන්න ගනීවිද...මට හිතුනා විතරයි...කියන්න ගියේ නෑ...

පර්ෆියුම් එක  ගහලා නෙවෙයි නාලා...කෙල්ලෙක් බලන්නද මන්දා යන්නේ....අනේ එහෙමවත් වෙන එකියකගේ කරේ එල්ලුනොත් හොදයි...ඒත් මට තනියම....නෑ නෑ ඒකට කමක් නෑ...

" මම ඉක්මනට එනවා පැටියෝ....බය නොවී පරිස්සමට ඉන්න හොදේ..."

එයා මගේ හිත කියෙව්වා වගේ එහෙම කියුවේ....
මම හා කියන්න ඔලුව වැනුවා...

💀☠REVENGE ☠💀Место, где живут истории. Откройте их для себя