මම කාමරේට දුවගෙන ගිහිල්ල දොර වහල දොර දිගේ බිමට රූටගෙන ආව. දණහිස් වල මූණ ඔබන් ඇඩුව උගුර රිදෙනකන්...
" සදලි... මං උඹට හොදින් කියන්නේ....ඇරපන් මේ දොර..." ජින් එහා පැත්තෙ ඉදන් දොරට තට්ටු කර කර කෑ ගහනවා.
" උඹට මාව ඇහෙන්නැද්ද... ඇරපන් මේ දොර... මාව..." ජින් කිව්වෙ නෑ වචන ගිල ගත්ත. මං කදුලු පිහගෙන නැගිටලා දොර ඇරියා. එයා මගෙ නිකට අල්ලලා මූණ උඩට ඉස්සුව හයියෙන්.
" මේ බලනව මගෙ දිහා..."
මම හෙමීට එයා දිහා බැලුව. දෙවියනේ ඒ ඇස් රතු වෙලා. මෙයා අඩල වත් ද... මැරයෙක් ට අඩන්නවත් පුලුවන්ද... නෑ නෑ මෙයා කේන්තියෙන් ඉන්න නිසා වෙන්න ඇති. මට එහෙම හිතුණ. එයා මාත් එක්කම දොර ඇරගෙන ඇතුලට ආව. මං හිතන්නෙ රෙජිස්ටාර් එක්ක මහ ලොකු ගාඩ්ල දෙන්නව යවන්න ඇති.
" සදලි I'm sorry තමුසෙට මෙහෙම වද දෙනවට... ඒත් මට වෙන කරන්න දෙයක් නෑ... හොදින් හෝ නරකින් මට ඕන දේවල් ලබාගන්න මිනිහෙක් මම..."
මම අත් දෙක දෙපැත්තට කලේ එයාට තව දෙයක් කියන්න. කොහෙද උගුරෙන් වචන පිට වෙන්නෙ නෑ.. ඒ මදිවට මට තාම හරියට සනීපත් නෑ.. ඔලුවයි කකුල් දෙකයි රිදෙනව හොදටම
" සදලි මෙහෙ එනවා..."
එයා එහෙම කියල මාව ඇදල ගත්තෙ එයාගෙ තුරුලට. එයා මගේ ඔලුව අතගාන ගමන් කතා කලා.
" මගේ වැඩ පිටිපස්සෙ තියෙන දේ... මාව මේ දේවල් වලට යොමු කරන්න හේතුව උඹ දැනගත්ත දවසට පසුතැවෙයි ගොඩක්..." ජින් කිව්ව.
අනේ මන්ද මේ යකා මොනව කියවනවද කියල.
" තමුසෙගෙ අකමැත්තෙන් මෙතනින් එහාට කිසි දෙයක් කරන්නේ නෑ..." එයා කිව්ව.
අදහස් කලේ හනිමූන් එක වෙන්න ඇති. හැමතිස්සෙම කටේ තියෙන්නේත් ඒක නේ... හහ්...ආස ඇති...
" තමුසෙගෙ ඇග රස්නෙයි..." එහෙම කියල ජින් මගෙ මූණ දෝතට ගත්ත.
" මට ටිකක් තනියම ඉන්න ඕන ජින්..."
මම එහෙම කියල බැන්ඩේජ් කරපු කකුලත් එක්ක අමාරුවෙන් phone එකයි hand free එකයි අරගෙන නවල් එකකුත් අරගෙන ගාඩ්න් එකේ බෙන්ච් එකට ගියා.