☠ 05 ☠

235 51 52
                                    

මම නැගිටලා කදුලුත් පිහදගෙන පෝන් එක අතට අරගෙන ඩයල් කලේ ටේ ගෙ බැන්ග්ලෝ එකේ වැඩ කරන අංකල්ට.

" ආහ් හෙලෝ අංකල්... මම මේ ටේ හියුන්ග් මහත්තයගෙ..."

මම කියනකොටම ,

" ආ කියන්න නෝනා... මොකද්ද ප්‍රශ්නේ? "

අංකල් ඇහුවා.

" අංකල් මට උදව්වක් කරනවද? ටේ හියුන්ගෙ කාමරේ තියෙන වැදගත් ලිපිලේඛන ඔක්කොම වගේ හොයල මට ගෙනත් දෙනවද?  අනේ ලොකු උදව්වක් අංකල්... "

මම බැගෑපත් වෙලා කිව්වා.

" හරි දරුවෝ මං පුලුවන්තරම් උත්සහ කරන්නම්කෝ..."

අංකල් එහෙම කියල කෝල් එක කට් කලා. මට ඕන උනේ properties සම්බන්ධ documents ජින් අතට යන එක වලක්වන්න. හැබැයි අපේ ඩැඩා නිකන් ඉන්න එකක් නෑ. මිනිස්සුන්ගෙ දේවල් බලෙන් හරි කඩාවඩාගන්න පුරුද්ද තියෙන නිසා එයා හොර ඔප්පු හදාවි. ඊට කලින් ඇත්ත ඒව මගෙ අතට ලැබුණොත් properties ආරක්ෂිතයි.

" දන්නවද ටේ හියුන් මම නිසා ඔයා විඳපු වේදනා වලට මම වන්දි ගෙවනවා... මගෙ ජීවිතේ පරදුවට තියල හරි ඔයාගෙ බැන්ග්ලෝ එක ආරක්ෂා කරනවා..."

මම රෑට කෑම උයල, කිටීටත් කන්න දාල, මමත් කාල ආවෙ කාමරේට. උදේ උන දේ නිසා මට ඇගපත හෝදගන්න බාත්රූම් එකට යන්නත් බයයි.

" මොකක්ද කරන්නේ? යනවද නැද්ද "

මම කල්පනා කලා ගොඩක් වෙලා. අන්තිමට මම තීරණයක් ගත්ත. හැමදාම නාන්නෙ නැතුව ඉන්න ද මෙහෙම කියලා.
මම පෝන් එකත් අරගෙන ගිහිල්ලා මං ආසම ජිමින් ගෙ promise song  එකත් දාල පෝන් එක සින්ක් එක උඩින් තියල කිටියවත් අරගෙන ඇවිත් සින්ක් එක උඩින් තියාගත්තා. තාලෙට සින්දුවත් කිය කිය නාගත්තා. පාලුවට තිබ්බොත් නෙ මගෙ හිත ගැස්සෙන්නේ. කොහොමහරි ඇග හෝදගෙන ටවල් එකත් පටලගෙන සින්දුව ඕෆ් කරල කිටීවත් අරන් ඇවිත් කාමරේ පුටුව උඩින් තිබ්බ. ඇදෙන් වාඩි උන මම සැනසුම් සුසුමක් හෙලුවා.

මං කණ්නාඩිය ලගට ගියේ ක්‍රීම් ටිකක් ගාගන්න. මං එකපාරටම දැක්කෙ මගෙ පපුව කිට්ටුව අමුතු හීරීම් ලකුණක්.මම කණ්නාඩියෙන්ම ඒ දිහා ඕනකමින් බැලුව.

💀☠REVENGE ☠💀Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα