☠️29☠️

622 50 37
                                    

ඔම්මා කතාව කියලා ඉවර වෙලා කදුලු පිහදැම්මා.මමත් හොදටම අඩලා.සිරිපාල අන්කලුත් අපේ ලගම උලුවස්ස ලගට වෙලා ඔක්කොම අහගෙන ඉදලා තියෙන්නෙ.

" හිතුවෙ නෑ...ගුණවතී අක්කවත් ලොකු නෝනවත් මට අයෙමත් දකින්න නොලැබෙයි කියලා."

ඔම්මා කියුවා.මගේ ඇස් රිදෙනවා කදුලු ඇවිල්ලම.

" පුතා ටේහියුන්ව මැරුවා කියලා කියද්දි මට ආවෙ ඉවසගන්න බැරි තරහක් එක්ක දුකක්.මම එදා ගැහුවා පුතාගෙ කම්මුලට රිදෙන්න ලොකු පරක්.බිම වැටි වැටි ඇඩුවා.මට මගෙ පුතා මැරයෙක් වෙනවා බලන්න ඕනි වුනේ නෑ...අන්තිමට තව හිතුවක්කාර කමක් කලා.ඒ දුවව බලෙන් බැදගත්ත එක.මම හැමදාම මෙයාට කියුවා ඔයාගෙ අප්ප වගේ කෙනෙක් වෙන්න එපා කියලා...."

ඔම්මා අත් දෙකෙන් මූණ වහගෙන ඇඩුවා.

" ඔම්මා අඩන්න එපා...බලන් ගියාම අයියා වැරදි නෑ.අනික බලෙන් ගෙනාවට...දැන් මම එයාට ආදරේනෙ....අඩන්න එපා ඔම්මා."

මම ඔම්මගෙ ලගින් දණගහල කියුවෙ.

" මගෙ පුතාව බලාගන්නවාද....එයා දුක් වින්දා දුවේ මේ තැනට එන්න නොසෑහෙන්න දුක් වින්දා."

ඔම්මා කියුවා.

" ඔවු ඔම්මා මම ඔම්මා වගේම හොදට එයාව බලාගන්නම්...එයාගෙන් එහා ජීවිතයක් මට කොහොමත් නෑ."

මමත් අඩ අඩ කියුවෙ.
මම එයාගෙ දිහා බැලුවෙ.එයා කම්මුල් රතු කරගෙන ඇසුත් රතු කරගෙන පැන්ට්‍රිය උඩට වෙලා බිම බලාගෙන ඉන්නවා.එයා හිතින් අඩනවා වගේ.

" අයියා....අයියා වැරදි නෑ....ම්ම්...දුක් වෙන්න එපා මොන දේ වුනත් අපි ඉන්නවානෙ දැන්."

මම කියුවෙ එයාගෙ ලගට ගිහින් ඒ මූණ දෝතට අරගෙන.
එයා ලාවට හිනා වුනා විතරයි.

" හා...දැන් අඩන්නෙ නෑ කවුරුත්..."

සිරිපාල අන්කල් එහෙම කියලා වීදුරුවකට වතුර පුරවලා ඔම්මගෙ අතට දුන්නෙ.ඔම්මා ඇස් වලින් අයියට ලගට කතා කලා.අයියා අමාරුවෙන් එයා ලගින් ගිහින් වාඩි වුනාම ඔම්මා අයියට වතුර පෙව්වෙ ඔන්න දැන් මගේ නාහෙට අහන්නෙ නැති කොල්ලා අඩන්නෙ නෑ කියලා කියන ගමන්.ඔම්මා එහෙම කියුවම අපි හැමෝටම හිනා.අයියට වතුර පොවලා ඔම්මා මටත් වතුර ටිකක් පෙව්වා.

💀☠REVENGE ☠💀Where stories live. Discover now