☠️20☠️

309 47 29
                                    

" කවුද ඔතන...."

මගේ වචන පිටවෙන්නේ නෑ..උගුර ඇතුලේ යමක් හිරවෙලා වගේ. තවමත් ඒ කෙනා හීනියට අඩනවා.

" ක්...ක...කවුද....."

මම ආයාසයෙන් වචන එකතු කලා.ටිකක් වෙලා ඉකිබිදපු ඒ කෙනා නැවත හිමින් හිමින් අඩිය තිබ්බේ මගේ පැත්තට....

" එන්න එපා....එ....එන්න එ...එපා...."

මම කෑගැහුවා.ඒත් හඩ පිටවුනේ නෑ.
ඒත් එක්කමයි අර කලින් ආපු ගද ලග ලගම එන්න ගත්තේ. ජිනුත් කට කපලා නිදි.ලෝකේ පෙරලුනත් එයා දන්නේ නෑ.

ඒ හෙවනැල්ල මනුස්සයෙක්ගේ....ඒකාන්තයි ඒක.අත් කකුල් හෙලවෙන විදිය පැහැදිලිව පේනවා.
ඒ හෙවනැල්ල ටිකෙන් ටික මගේකකුල් ලගට ආවා.මට පේනවා ටික ටික නෙට් එක ඉස්සෙන වග....මම ගැහෙන හදවතින් ඒ දිහා බලන් හිටියා...මගේ කකුල් දෙක ලගම බිම ඒ හෙවනැල්ල නැවතිලා.දැන් දැන් අනතුරක් වෙයි කියලා හිතපු මම කෑගහන්න හැදුවා.වචන පිටකරන්න බෑ.බැරිම තැන ජින්ගේ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා උපරිම වෙර දාලා.

" මොකෝ සදලි..."

එයා ඇස් පොඩි කර කර ඇදේ වාඩි වුනේ.

" අ...අ...අතන...."

මම ඉකියක් එක්ක එයාට කතාකලේ අපේ ඉස්සරහාට අත දික් කරලා.

" සදලි මොකෝ මේ තමුසේ කලබල වෙලා...."

ජින් එහෙම කියලා ටක්ගාලා ටේබල් ලෑම්ප් එක දැම්මා.

" දෙයියනේ සදලි මොකෝ මේ...."

එයා කියුවේ මගේ මූණ දෝතට අරගෙන.මම තාමත් ඉස්සරහා බලන් ඉන්නේ.මගේ සර්වාංගයටම දාඩිය දාලා වෙව්ලනවා මාව.

" මොකක්ද ඒ එන ලේ ගද.අර කලින් ආපු ගද නේද මේ ගේ ඇතුලෙන් එන්නේ..."

ජින් නහයත් අකුලගෙන එහෙම කියුවෙ.එයා නැගිටලා යන්න හැදුවේ.

" එපා දාලා යන්න එපා...මගේ ලග ඉන්න...."

මම වෙව්ලන දෙතොල් වලින් කියුවෙ.

" ඔහොම ඉන්නවා....දැන් තමුසේ ඇයි කලබල වෙලා...."

එයා ඇහුවා.

" කවුරුම හරි හිටියා ඇද ලග....කවුරුමහරි....අනේ මට බයයි...."

මම මූණත් අත්වලින් වහගෙන අඩන්න ගත්තේ.

💀☠REVENGE ☠💀Where stories live. Discover now