☠️27☠️

359 62 83
                                    

" මොනවා...අයියේ...ඔයාගේ ඇත්ත surname එක එහෙනම් කිම් ද...ඇයි මට බොරු කලේ.හා..."

මම ඇස් වල කදුලුත් පුරවගෙන කතා කලේ එයාගෙ ලගින් වාඩි වෙන ගමන්.

" අපි මෙතනින් යමු නේද..."

ජිමින් කියුවා.ටිකකින් ජිමිනුයි ජන්කුකයි එළියට ගියා.

" ඔයා ඇත්තටම ටේහේයුන්ගෙ අයියද.මොකක්ද මේ පැටලිල්ල.එතකොට මේ ඔම්මා..."

මම ඇහුවා.

" මමයි ටේහියුන්යි එකම අප්පගෙ හැබැයි ඔම්මලා දෙන්නෙක්ගෙ..."

එයා කියුවේ අම්මා දිහා බලලා හිනා වෙලා.
මේක අදහාගන්නවත් පුලුවන්ද.

" ඇයි මට...."

මම කියනකොටම.

" තමුසෙගෙ තාත්තා තාම දන්නෙනෑ මම කිම් ෆැමිලි එකේ  කෙනෙක් කියලාවත් එයාගේ හොදම යාලුවා කිම් බෝගම්ට තවත් පුතෙක් හිටියා කියලාවත්..."

එයා කියුවා.

" එතකොට බැන්ගලෝ එක...."

මම ඇහුවේ පුදුමෙන්.

" උබ හිතනවාද අනුන්ගේ දේවල් උදුරගන්න කැත පුරුද්දක් මට තියෙනවා කියලා.අප්ප තමුසෙලෑ තාත්තා මරන්න වෙඩි තිබ්බ වෙලේ බාප්පලා ඉස්සරහා හොස්පිටල් එකේදි ලියලා තියෙනවා අන්තිම කැමැත්ත.ඒකේ ලියුවෙ මගේ නම පැටියෝ...කිම් සොක් ජින්...එයාට වැඩි වෙලා තිබුනේ නෑ.ඒක නිසා එයා අන්තිමට ඔප්පුව ලියන කොට කලබලේට පේපර්ස් වල කියලා තියෙන්නෙ S.J. Kim  කියලා.අරූගෙ නම Kim Taehung...අප්පච්චි ඒක බාප්පගේ අතට දුන්නලු.ඒත් උන් හිටියේ ටේහීයුන් ගේ  පැත්තට.උන් පේපර්ස් හැංගුවා.මටයි ඔම්මටයි ඉන්න දුන්නෙ නෑ ටේහියුගෙ අම්මණ්ඩි."

ජින්  එහෙම කියුවාම මගේ හිත වේගයෙන්ම ගැහෙන්න ගත්තා.

" අ...අනේ ඒ කියන්නේ ඒ දේපළ ඔයාටද එන්න ඕනි..."

මම ඇහුවා.එයා ඔවු කියන්න ඔලුව වැනුවා.

" තමුසෙ ලාස්ට් විල් එක කියෙව්වෙ නෑ නේද."

එයා ඇහුවා.

" නෑ..."

" බලන්නකෝ ගෙදර ගියාම.ඒකේ තියෙන්නෙ මගේ නම."

💀☠REVENGE ☠💀Where stories live. Discover now