☠️21☠️

260 49 22
                                    

අපි දෙන්නටම මේ මොකක්ද වුනේ කියලා හිතාගන්න බෑ...

" මම කියුවේ කවුරුම හරි හිටියා..."

මම ජින්ගේ අත හොලවලා කියුවේ.එයා තවමත් ස්ක්‍රීන් එකේ මූණ ඔබාගෙන නළලත් රැලිකරගෙන.මගේ ඇගෙව් හිරිගඩු පවා පිපිලා ඒ මදිවට.මතකයි සිරිපාල අන්කල් කියපුදේ....

" අමනුශ්‍ය බලවේගයක් තියෙනවා."

ඒ වචන ටික මගේ හිත ඇතුළේ දෝන්කාර දෙන්න පටන් ගත්තා.

" මේ ඇත්ත මනුස්සයෙක්නම් ස්කෑන් කරන්න ඕනි නෑ...එකපාරම පේන්න තිබ්බනේ.."

මම කියුවා. ජින් රතු වුන ඇස් වලින් මගේ දිහා බැලුවේ..

" දැන් තමුන් මොකක්ද කියන්නේ ආහ්....මේ බූතයෙක් කියලාද කියන්නේ සදලි..එඩියුකේටඩ් නේද.ගොන් අයිඩියාස් ඔලුවේ තියාගන්න එපා...."

එයා කියුවේ කේන්තියෙන්...

" එහෙනම්....."

මට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ...

" කවුරිහරි ඔයා ගැන මම ගැන දන්න කෙනෙක් අපිත් එක්ක සෙල්ලම් කරනවා.මේ වගෙව් වැඩ ප්‍රොජෙක්ටර් වලින් කරන්න පුලුවන් සදලි  ඕනිම කෙනෙක්ට..."

" සමහර මේ තමුසෙගෙ මහලොකු තාත්තගෙම ගේමක් වෙන්න පුලුවන්..."

ජින් කියුවා.

" ඒත් කාටහරි ප්‍රොජෙක්ට් වලින් අපිව බය කරන්න ඕනිනම් මෙහෙම හැංගිහැංගි එවනවාද....අනික ස්කෑන් කරන්න ඕනි නෑනේ.එවනවනම් එවන්නේ අපිව බය කරන්නනේ.."

මම කියුවේ අනතුරක සේයාවක් ඉවෙන් වගේ දැනෙද්දි.

" ආන්න ඒකම තමයි මටත් ප්‍රශ්නෙකට  තියෙන්නේ...."

ජින් කියුවා.

" ඒත් සදලි  මේ විකාර පෙනුනේ තමුසෙට විතරනේ....මම මේකෙන් බලනකන් මට ඕවා අහුවුනේ නෑනේ..."

එයා කියුවෙ අත් බැදගෙන ඇද විට්ටමට හේත්තු වෙන ගමන්.

" අපි තව ටිකක් බලමු....ම්ම්....දැන් මේ වුන දේ අමතක කරලා නෝමල් එකේඉන්න.බයවෙන්න එපා හැමදේම විසදෙයි."

ජින් කියුවේ සැර කරලා නෙවෙයි.මගේ බය එයාට තේරෙන්න ඇති.

ඒත් එයා කොහොම හිතුවත් මට දැනුනේ මේ සිද්ධියේ අමුත්තක්.මගේ හිත කියන්නෙම සිරිපාල අන්කල් හරි කියලා.ඒත් මෙයාට මේක කොහොමද පැහැදිලි කරන්නේ...ගෙදරට ආපු දවසෙ ඉදන් ආපු ලේ ගද...බැල්කනි එකෙන් ඇහුන අමුතු අඩි ශබ්ද...බැන්ගලෝ එකේ රේඩියෝ එක...කිටීගේ අමුතු හැසිරීම්...කණ්නාඩිය...මේ හැමදේම චිත්‍රපටියක් වගේ මගේ මනසේ ඇදො ඇදි ගියා...

💀☠REVENGE ☠💀Where stories live. Discover now