☠️30☠️

421 43 33
                                    

" අපි ඉක්මනටම මොනවා හරි කරමු...ම්ම්...එන්න.."

එයා මාව එයා ලගට ඇදලා අරගෙන ටේබල් ලෑම්ප් එක ඩිම් කරලා නෙට් පහත් කලේ....

" අද හරි සීතලයි අනේ..."

මම කියුවෙ අත්දෙක එකට පිරිමැදලා.එයා මගේ එහා පැත්තෙන් හාන්සි වුනා....

" ජින්..මේ කකුල් වල සීරුන ඒවට බෙහෙත් දන්න ඕනෙ නැද්ද..."

මම ඇහුවා.

" නෑ..."

එයා කියුවෙ කෙදිරිගාලා වගේ...

" ජින්...."

මම කතා කලේ එයාගෙ පැත්තට හැරිලා එයාගෙ කම්මුලක් පිරිමදින ගමන්...

" ම්ම්...."

එයා කෙදිරිගාලා වගේ තව ටිකක් මාව තුරුල් කරගෙන ඇහුවෙ....

" හැමදාම මාත් එක්ක ඉන්නවා නේද...මොන දේවල් වුනත්..."

මම ඇහුවා....

" මොනාද සදලී මේ කියන්නෙ...හැමදාම තමුසෙ ලග තමයි ඉන්නෙ..."

එයා කියුවෙ මගෙ ඇස් වලට එබිලා...

" තුරුල් කරගන්නකො.සීතලයි..."

මම කිව්වා...එයා මාව තව තවත් තුරුල් කරගත්තා....ඒ නිරුවත් පපුවෙ මූණ ඔබාගත්තේ එතන දැනුනු ආරක්ශාවට...උණුසුමට....

" මට ඔයා ගැන බයක් දැනෙනවා..."

මම කියුවෙ ඔලුව උස්සලා එයාගෙ දිහා බලලා...

" ඇයි බය...ම්ම්..මම දාලා යයි කියලාද...."

එයා මගේ තොල් අතගාලා කියුවෙ...

" නෑ..එදා සාමි කියපු දේවල් මතකද...ටේහියුන්ව ප්‍රමාද කරන්න විතරලු අපිට පුලුවන්.එයා කොහොමත් එයාගෙ අවශ්‍යතාවය පිරිමහගෙන මිසක් යන්නෙ නෑලු...මට ඒකයි අයියා ගැන බය.අනික...අනික....ඔයා හරි හිතුවක්කාරයි..පරිස්සම් වෙන්නෙත් නෑ කියන දේ නාහෙට අහන්නෙත් නෑ..."

මම කියුවෙ එයාගෙ දිහා බලාගෙනමයි.

" සදලි....බය නොවී ඉන්න හැමදේම හරියාවි..."

එයා මගේ මූණ එයාගේ පපුවේ තුරුල් කරගන්න ගමන් කියුවෙ...

" හ්ම්..."

මම එයාට කෙටි උත්තරයක් දුන්නා...

මට අපේ අනාගතේ ගැන දැනෙන්නෙ ලොකු බයක්...තොවිල් අනම් මනම් Jin කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ...ආගමට අනුව දෙයක් කලොත් ඇරෙන්න බොරු විකාර කරලා කපුවො පොහොසත් කරවන්න වුවමනා නැහැ...ඒත් මේ ආත්මය මගහැරලා ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තියේවිද...අපිට සතුටින් ජීවත් වෙන්න බැරි වෙයිද...එදා සාමි කියුවෙ අපි මොන දේ කලත් එයාගෙ උවමනාව ඉශ්ට කරගෙන මිසක් එයා යන්නෙ නෑ කියලා...පින් දෙන්න පුලුවන් මට්ටමක නෙවෙයි එයා ඉන්නෙ....ඒ තරම් වෛරයකින් ඉන්නෙ....මට ප්‍රාර්ථනා කරන්න විතරයි තියෙන්නෙ...මට මොනවා වුනත් කමක් නෑ...මගේ මේ පණට ඔම්මට මගේ දෙමවුපියන්ට කරදරයක් වෙන්න බෑ.එච්චරයි....මම හිතාගත්තා...ආරක්ශාව ඉවරයි කියලා දැනුනාම තවත් බයයි....අද අනිවාරෙන් ඒ ආත්මය ගෙදරට ඇතුළු වේවි...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💀☠REVENGE ☠💀Where stories live. Discover now