☠️14☠️

210 43 21
                                    

එයා මගේ ගෙල උරහිසට හාදු තවරන්න වුනේ හිමීට...

" ජින් ලීව් මී..."

මම දැගලුවා.එයා අතාරින පාටක් නෑ...

" අනේ ටේ...."

මම කියුවා නෙවෙයි කියවුනා.එකපාරටම මාව මුදාහැරලා මගේ කොණ්ඩෙන් රිදෙන්න ජින් අල්ලගත්තා.

" හහ්...ඒ කාලකණ්නියාව මතක් වුනාද..ආහ් කියපන්...උඹට මගේ මොනාද අඩු...ආහ්...කියපන්..."

එයා එහෙම කියලා මාහේ කොණ්ඩේ තවත් තද කළා.

" අතාරිනවා මිනිහෝ මට රිදෙනවා...තමුසේ දැන් ඉන්නේ ඕවා කතා කරන්න පුලුවන් මානසික මට්ටම නෙවෙයි..."

මම කියුවේ මගේ අත අල්ලගෙන ඉන්න එයාගේ අත තද කරලා අල්ලගන්න ගමන්.

" උඹ..."

ජින් කියුවේ නෑ.වචන ගිලගත්තා.මාව අතෑරියම මම ගිහින් ටවල් එකත් අරගෙන ඇවිල්ලා ටබ් එකට ටිකක් එහාට වෙන්න කර්ටන් දාලා තිබුණු ශවර් එකට ගිහින් ඇගහෝදගත්තා.මොකද ජින් බීපු මල ජරාවේ ගද මගේ ඇගෙත් එක්ක. ජින් තාමත් ටබ් එකට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා.මම හිමීට එතනින් ආවේ ඕනි මගුලක් කරගනීනෙ කියල හිතන ගමන්.

මම ඇදුමක් දාගෙන ඇදේ හාන්සි වෙලා පැයභාගයක් ගියත් ජින් එළියට ආවේ නෑ.
මට ඇස් පියාගෙනම එනකොටමයි මගේ එහා පැත්තෙන් උණුසුමක් දැනුනේ....ජින්..මගේ ලගටම ඇවිත්.

" මාව දාලා ආවා නේහ්..." එයා කියුවා.වෙරි බැහැලද කොහෙද.නටපු නාඩගම වීඩියෝ කරන්න තිබ්බේ.

" ජින් වදින්නම් ඔය මලජරාව ආයෙත් බීලා එන්නේ නෑ මගේ ගෙදරට..." මම කේන්තියෙන් කියුවේ.

" ඕකේ....තමුසේ කියනවානම් ඕනි දෙයක්...." එයා එහෙම කියලා මගේ පපුව උඩින් ඔලුව තියාගෙන මගේ අතක් එයාගේ ඔලුව උඩින් තියාගත්තා.

" ඔලුව අතගාන්නකෝ රිදෙනවා..." එයා කියුවා.

" එහාට යනවා...." මම තල්ලු කරන්න හැදුවත් හෙලවුනේවත් නෑ..

" මම කියන දේ කරනවා කියුවා නේද..." මම ඇහුවා.

" ඔවු ඒත් මේක බෑ..." එයා කියුවා.

" ඔලුව රිදෙනවා...ඔලුව අතගානවකෝ..." එයා කියුවා.කරච්චලේ ඉවසන්නම බැරි තැන මම එයාගේ ඔලුව අතගාන්න පටන් ගත්තා.

💀☠REVENGE ☠💀Where stories live. Discover now