☠ 02 ☠

295 53 38
                                    

Tae ගෙ funeral එකට නෑදෑයො වැඩිය නාවෙ මේක මිනී මැරුමක් නිසා බය වගේම ලැජ්ජාවට. මාත් ටේ ගෙ යාලුවොත්,  මගේ හොදම යාලුව දිනූෂිත් එකතු වෙලා පොඩියට funeral එක කලා.

මම දින කිහිපයකට දිනූෂිලගෙ ගෙදර නතර උනේ දරාගන්න බැරි පාලුව නිසා... පස්සෙ මට ඕන උනේ තනිවෙන්න. මං තීරණය කලා නුවරඑළියෙ මගේ ගෙදරට එන්න. ගෙදරට එනකොට රෑ දහයටත් කිට්ටුයි.  පුදුම පාලු ගතියක් ගේ වටේට තිබ්බේ... රැහැයියන්ගේ කෑ ගැහිල්ල නිසා ඒ පාලු ගතියට තවත් අත්භූත හැගීමක් එකතු උනා... phone එකේ ටෝච් එක on කරගෙන ගේට්ටුවේ ඉබ්බ ඇරල ගලවල, පර්ස් එකෙන් දොරේ යතුර අරගෙන දොර ඇරියා... ඒත් එක්කම මගේ ඇස් යොමු වනේ ඈතට ප්‍රථාපවත් පෙනුමෙන් දිස් වෙන ටේ ගෙ බැන්ග්ලෝ එක.. ඒක දැකපු හැටියේ ඇස් වල කදුලු පිරුණේ ටේ එක්ක මේ ගේ බලන්න ආව දවස සිහිපත් උන නිසා...

සූට්කේස් දෙකත් ඇදගෙන ගේ ඇතුලට ගිය මම ගේ ඇතුලෙන් දැනෙන අමුතු ගද නිසා නහය හකුලගත්තෙ දැනෙන අපහසුතාවට. සතෙක් කුණු වෙලා වගේ දැනුන ඒ අමුතු ගද විනාඩි දෙක තුනකට පස්සෙ නැති වෙලා ගියෙ මාවත් පුදුම කරල. මම ගේ ඇතුලට අඩිය තිබ්බෙ බයෙන් බයේ...

ගේ ඇතුලට අඩිය තිබ්බ හැටියෙ කොහෙන්ද ආව හුලගක් එක්ක දොර දඩාස් ගාල වැහිල ගියේ මගේ පපුව ගැස්සිලා යද්දි. කලුවරේ අතපත ගාල ලයිට් එක දාල දොර දිහා බලල දොර ලොක් නොකරම ගේ ඇතුලෙ ඇවිදල බැලුවා. ගේ ඇතුලෙ අවුලක් නෑ.. ඒත් අර කුණු ගද්‍ය ආවෙ කොහෙන්ද කියල හොයාගන්න බෑ. අවුරුදු දෙකක පඩිය එකතු කරල ගත්ත ගේ... එච්චර ලොකු නැති උනාට අංගසම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක්...
  ටික වෙලාවක් සෝෆා එකේ දිග ඇදිල උන්න මං හිතට ආව සිතුවිල්ලක් නිසා සූට්කේස් එකේ ඉස්සරහ පොකට් එකෙන් එලියට ගත්තේ මගේ ඩයරි එකයි ඇල්බම් එකකුයි. ඒ ඇල්බම් එකේ පෙරලෙන පිටුවක් ගානේ මගේ හදවත ගැඹුරේ වේදනානක් දැනුනා.  ඇස් කදුලු වලින්ම බොද උනා... ඔව්... ඇල්බම් එකේ තිබුනේ එයා නොදැනුවත්වම මං හොරෙන් ගත්ත එයාගෙ photos. එයාගෙ ඇස් උකුස්සෙක් වගේ තියුණු යි. සරාගියි. කොරියන් ශ්‍රී ලංකන් mix කෙනෙක් නිසා එයාට තිබුනෙ අමුතුම skin colour එකක්. ඒක ගෝල්ඩන් කලර් එකක් කිව්වොත් මම හරි... පුදුම කඩවසම් බවක් තිබුනේ.

💀☠REVENGE ☠💀Where stories live. Discover now