☠ 09 ☠

241 42 64
                                    

මම bed table එකටයි , dressing table එකටයි වාරු වෙලා අපහසුවෙන් නැගිට්ටා. ඔව්...කවුරුහරි ම කෙනෙක් එතන ඉන්නවා... ලාවට බොඳ උන ඇස් වලින් මට පෙනුනෙ කලු පාට මිනිස් ඡායාවක්...

" ජ...ජින්...මේ...ඔයාද? "
මම ඇස් මහන්සි කෙරෙව්වා ඒ රූපෙ අදුනගන්න. ඒත් බෑ... තද ඔලුවෙ කැක්කුම යි...ඇඟේ රස්නෙටයි ඇස් බොඳ වෙලා...

" එන්න..." ඒ කෙනා මට ඇහෙන නෑහෙන ගානට රහසේ මිමිනුව...

" ක්...කවුද? " මම ආයෙත් ඇහුවෙ ඇස් පොඩි කරමින්...

" එන්න.." ආයෙත් ඒ රහස් කටහඩ...

" සඳලී..." මට ඇහුනෙ ජින් මගෙ පිටිපස්සෙ ඉදන් සද්දෙට කතා කරනව...

" මොකද තමුසෙ නැගිටලා...ඔච්චර අමාරුවෙන් ඉදගෙන...ඉවසලා ඉන්නවා...තව ටිකෙන් ඩොක්ට එනවා..."

ජින් කිව්වෙ මාව ඇදෙන් වාඩි කරන ගමන්...

" ජ්...ජින්...අ..අතන කර්ට්න් එක ලග කව්ද ඉන්නවා..." මම කිව්ව..

" මොකා..." ජින් ඇහුව.

" පොඩ්ඩක් බලන්නකෝ..." මම ඇස් දෙක තදින් වහල බැලුවෙ ජින් දිහා. දැන් නම් පැහැදිලිව පේනවා..

" ඔහොම ඉන්නවා.." එයා කර්ටන් එක එහාට කලා..

" හානේ...ඔව්...නේ.... මේ ඉන්නෙ...." එයා මෝඩයෙක් වගේ හිනා වෙවී අතට ගත්තෙ කොස්ස...

" ඒත්..." මම ඉතුරු ටික කිව්වෙ නෑ.. ගිල ගත්ත...කෙනෙක් මට කතා කලා නේ...මට හොදටම ඇහුන නේ....

" දෙයියනේ මට පිස්සු..." මම හිතුවේ දෑතින්ම ඔලුව බදාගෙන.

ටිකක් ඇල වෙලා හිටපු මම ගොඩක් දේවල් කල්පනා කලා...

..............

" සඳලි baby... මේ ඩොක්ට ඇවිල්ල..." ජින් මට කතා කලා..

මම අපහසුවෙන් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා.

ඩොක්ට මාව පරික්ෂා කරල බෙහෙත් දුන්න. තව එක එක ජාතියෙ ප්‍රශ්න ඇහුව.
ටිකකින් ඩොක්ටයි ජිනුයි රූම් එකෙන් එලියට ගියා.


" Girl friend නේද? " ඩොක්ට ඇහුව.

" ඔව් ඩොක්ට... මොකද්ද ප්‍රශ්නෙ? " ජින් ඇහුවෙ නලලත් රැලි කරගෙන.

" එයා මොනවටහරි බය වෙලා තියෙනවා...අයි මීන් එයාගෙ හිත හොදටම ගැස්සිලා තියෙන්නේ...ඔය දෙන්නා අතරේ මොනවහරි ප්‍රශ්නයක් උනාද? " ඩොක්ට ඇහුව.

💀☠REVENGE ☠💀Where stories live. Discover now