☠️15☠️

187 48 32
                                    

මම ඇල්බම් එකත් බෙන්ච් එක උඩින් තියලා කිටියවත් එතනින්ම තියලා ඇවිද්දේ ගේ පැත්තට. ප්‍රධාන දොරෙන් ඇතුළු වෙන්න කලින් ඔලුවත් දාලා බැලුවා.

" කවුද..."

මම නිකමට කතා කළා.හිමීට ගේ ඇතුළට ආපු මම වටපිට හොදට බැලුවා.ඒත් එක්කමයි කුස්සිය පැත්තෙන් වීදුරු බිදෙන සද්දයක් ඇහුනේ.කිටියත් එලියෙනේ මේ මොකෙක්ද කියලා හිතන ගමන් මම පිම්මේ එතනට දුවන් ගියා.

" දෙවියනේ...."

මට කියවුනා.දවල්ට හදපු කෑම සේරම බිම හැමතැනම. වීදුරු රැක් එක බිමට දාලා.මේවා දැක්කමනම් හිතෙනවා ජින්  හිටියනම් හොදයි කියලා.ඒතරම් බයවෙලා මම.කුස්සියේ දොර පැත්තටත් ගිහිල්ලා බැලුවා.මහ අමුතු ගදක් මට ආවේ.හරියට...හරියට....ඔවු..සතෙක් කුණු වුනාම එන ගද වගේ...මගේ හිත වේගයෙන් ගැහෙනවා.මේ මහදවාලේ ගෙදරට හොරු පනිනවාද.ඇරත් මෙහෙම කෑම බිම දානවද ඇවිල්ලා.ප්‍රශ්න ගොඩයි....

" දුවේ අමනුස්ස බලවේගයක් තියෙනවා..."

මට මතක් වුනේ සිරිපාල අන්කල් කියපු කතාව.මගේ දත කට පවා පූට්ටු වෙලා වගේ හැගීමක් දැනුනේ.දැන්නම් ජින්  ගැන තරහා පැත්තකට දාලා එයාට කෝල් කරලා කියන්නත් හිතයි.ඒතරමට බයේ උච්චතම අවස්ථාවට පත්වෙලා.

" රිලෑක්ස් රිලෑක්ස්...මේ පොඩි කොල්ලෙක්ගෙ වැඩක් වෙන්න ඇති..."

මම කියාගත්තා.ඒත් හැමතිස්සෙම මෙහෙම වෙන්න දෙන්න පුලුවන්ද.මේකට මොකක්ම හරි කරන්න වෙනවා.
සමහරවිට ජින්  ගැන දන්න හොරෙක් වෙන්න ඇති.ඒකනේ එයා නැති වෙලාවක පනින්න හැදුවේ...අනේ..මන්දා ඒත් මට පිස්සු වගේ...දැන් දවල්ට කිරි එකක්වත් බීලා ඉන්නවා.ආයි කෑම හදන්නනම් මට බෑ...මම එහෙම හිතලා අස් කරන්න පටන් ගත්තා.ඔක්කොම අස් කරලා ඩස්බින් දාන්න ගේ පිටිපස්සට යනකොට හරි සැරට ආයෙත් අර ගද දැනුනා.හුලන් අතට ඒ ගද එන පැත්ත වෙනස් වෙනවා.මට මොනපැත්තෙන්ද මේ අමුතු ගද එන්නේ කියලා හොයන්න ඕනි උනා.එහෙම ගිහින් මම හැරුනේ එහාට වෙන්න පේන ටේහියුන් ගේ බැන්ගලෝ එක පැත්තට.

" ටේහියුන්.....හොල්මන්...."

මගේ මනස මට පිස්සු අදහසක් ඔලුවට දාන්න හැදුවේ.ඒත් මම ආයාසයෙන් ඒ සිතිවිල්ල මගහැරියා.

💀☠REVENGE ☠💀Where stories live. Discover now