☠ 07 ☠

248 48 36
                                    

මම ඇදුම් නවල පල්ලෙහාට ආවෙ ජින්ට වොෂ් දාගන්න ඕන කිව්ව නිසා. මම පහලට ඇවිත් එයාටත් එක්කම කෑම බෙදුවා. හතුරෙක් උනත් බඩගින්නෙ තියන්න හොද නෑ කියල කතාවක් තියෙනවනේ....එයාට මනුස්සකමක් නැති උනාට මට බෑ නෙ අමනුස්සයෙක් වගේ හැසිරෙන්න. එයා වොෂ් දාල පහලට ආව. කොට ශෝට් එකකුත් ඇදගෙන ටී ශර්ට් එකක්වත් නෑ. සිගරට් එකකුත් පත්තුකරගෙන ඇවිත් සෝෆා එකේ පතබෑවිලා ටීවි එක ඕන් කලා.

(දුම්බීම පිළිකා ඇති කරයි... 🚬🚫)

"ජින් කාල ඉන්නවා.. හතුරෙක් උනත් බඩගින්නෙ තියන පුරුද්දක් මට නෑ..."

මම කිව්ව.

"අරන් එනව කෑම එක..."

එයා කිව්ව. මම ඒකත් අරගෙන ආවා.

"ආහ්..." මම බත් එක දික්කලා.

"මෙතනින් වාඩි වෙලා තමුසෙත් කන ගමන් මටත් කවනවා..." එයා කිව්ව.

" ඇයි අතපය කැඩිල ද? " මං ඇහුවෙ රවාගෙනම.

එහෙම කිව්ව විතරයි. එයාගෙ තියුණු තර්ජනීය දෑස් මට යොමු උනා. මම කෙලින්ම එයාගෙ එහාපැත්තෙන් වාඩි උනේ ආයාසයෙන් එන කදුලු නවත්තගෙන. මම මොනවහරි මිස්ටේක් එකක් කලොත් ජින් හරියටම වචන අනුව වැඩ සිද්ධ කරයි. මගේ දෙමවුපියො මට කොහොම සැලකුවත් මං එයාලට ආදරෙයි.

" ජින්..." මම කතා කලේ හෙමින්...

" ම්...? " එයා ටීවි එකට අවධානය දීගෙන ම කතා කලා.

"ගේ ඇතුලෙ සිගරට් බොන්න එපා... මට අමාරුයි ඔය ගඳ..." මම බයෙන් බයේ මිමිනුව.

" ඕකේ... වලියටම එන්නැතුව ඔහොම සැර අඩු කරල කියනවකෝ... එතකොට තමයි මටත් කේන්ති යන එක අඩුවෙන්නෙ..."

එයා එහෙම කියල එතන තිබ්බ වීදුරු මල් පෝච්චියකට තියල සිගරට් එක නිව්වා. ඇත්තටම ඒව නම් මහ ජරාවක්.

එයා මං දිහාම බලාගෙන ඉන්නව. මම බත් කටක් අනලා එයාගෙ කටට ලං කලේ අහක බලාගෙන.

" ආව්.. " මම කෑ ගැහුවෙ ජින් බත් කට කෑවේ මගෙ අතත් හපල නිසා.

" ජින්... ඇත්තටම ලැජ්ජ නැද්ද අනුන්ගෙ දේපල හූරගෙන කන්න...? "

මම ඇහුවෙ බත් පිගාන අනන ගමන්.

"හහ්... ගානක්වත් නෑ..."

💀☠REVENGE ☠💀Where stories live. Discover now