☠️18☠️

287 50 33
                                    

" තමුසෙ කියුවා නේද මේ ජරා ගද බාත්‍ රූම් එකෙනුත් ආවා කියලා.."

එයා ඇහුවේ උලුවස්සට අතකුත් තියාගෙන.මම ස්වීටර් එක ගලවලා සෝෆාඑක අයිනෙන් තියන ගමන් කතා කළා.

" ඔවු ජින්...නෑ..මම කියුවේ අයියේ...ඒකෙනුත් තදින්ම ආවා."

මම කියුවේ එයා දිහා නොබලා.

" වතුරට මොනවාහරි එකතුවෙලාද..."

එයා එහෙම කියුවාම මට වමනෙට වගේ ආවා.

" එහෙනම් බොන කොට දැනෙනවානේ."

මම කියුවා.

" පිස්සුද .... එකපාරට බොන්න ගත්තාම ගද සුවද දැනෙන්නේ නෑ අපිට...වතුර බොනකොට හුස්ම ගන්න බෑනේ බන්.."

එයා කියුවා.ඒකත් ඇත්ත ඉතින්.

" කෝකටත් වතුර උණු කරලා තියාගන්නවා.මේ පැත්තෙම වතුරවලට ඔය වැඩේ වෙලාද දන්නෙත් නෑ...කෝකටත් ජිමිනා  ආවම වහලෙට නැගලා ටැන්කිය පොඩ්ඩක් බලන්නම්."

එයා කියුවා.

( මයෙ අහිංසකයා ඉන්නේ වහලවල් දිගේ බඩගාන්න නෙවේ ජිනෝ 😡)

" හ්ම්ම්...."

මම කියුවේ එච්චරයි.

" ජිමිනා එයි දවල් දෙක වෙද්දි.පුලුවන්නම් ඌටත් එක්ක මොනාහරි හදලා තියන්න..."

එයා ඒකනම් කියුවේ සැරෙන් නෙවෙයි.

" හරි මම හදන්නම්..."

ජිමින් කියන්නෙත් මට පේන්න බැරි මනුස්සයෙක් තමයි..හතුරෙක්ව වුනත් බඩගින්නේ තියන පුරුද්දක් මට නෑ.ඉස්සෙල්ලා කාලා ඉන්න...ඊටපස්සේ ඕනි ගේමක්.මොකද කුසගිනි නිවන ආහාර කියන්නේ ගෞරව කළ යුතු දෙයක්.බුද්ධ දර්ශනයේ පවා තියෙනවා ආහාර ගන්න ඕනි ආහාරවලට ගෞරව කරන්න ඕනි කොහොමද කියලා කතෝලික අයත්  එහෙමයි...කන්න කලින් මේ කෑම දුන්නට දෙවියන් වහන්සේට එයාලා ස්තූති කරනවා....තව හමුදාවේ අය කෑම කන වෙලාවට කවුරු ආවත් නැගිටින්නේ නෑ.ඒ ගෞරවය...

ඉතින් මගේ හතුරෙක්ට කන්න දෙන්න දෙපාරක් හිතන්න ඕනි නෑ.

දොළහට විතර කෑම හදන්න ගන්න ඕනි.නැත්නම් ඉක්මනට කෑම සීතල වෙනවා.
.............

💀☠REVENGE ☠💀Where stories live. Discover now