☠ 12 ☠

250 43 55
                                    

දවල්ට කෑම උයල ඉවර වෙලා කිටීටත් කෑම දීල මමයි ජිනුයි කෑම මේසෙන් වාඩි උනා. ඒත් එක්කම තමයි මට කෝල් එකක් ආවෙ. මම phone එක අරගෙන කෑම මේසෙන් නැගිටල යන්න හදනකොට ජින් අතින් ඇදල මාව ආයෙත් වාඩි කරවගත්තා. ඉතින් මම එතන ඉදන්මයි දිනූ ට කතා කලේ.

" ස්පීකර් ඔන් කරන්න..." ජින් කිව්වෙ මට ඔරවලා.

මමත් එයාට ඔරවල ස්පීකර් දැම්ම.

" ඒකිට කියනව මං බැන්ද කියලා..." ජින් මගෙ කනට ලං වෙලා කිව්ව.

" හෙලෝ දිනූ..."

" මේ බං උඹට අද හෙටම ට්‍රාන්සර් ලෙටර් එක ඒවි හොදේ... බය වෙන්න එපා...."

" ආ...ඕකේ දිනූ...තෑන්ක්ස්...ඔයා මට ගොඩක් උදව් කලා..."

මම හෙමීට ජින් දිහා බැලුවා... එයා මට ඔලුවෙන් කිව්වෙ කියන්න කියලා...

" අ...ආහ්...ම්.. මේ...දිනූ...මං මැරි කලා..."

" මොකා...ටේයොන් ගෙ හොල්මනවද..."
කියල දිනූ හිනා උනා.

"  නෑ...මේ...ජින් ව..."

" මොන? " දිනූ ආයෙමත් ඇහුව.

" මේ...ප්‍...පාක් සොක් ජින්..." මම ආයාසයෙන් කිව්ව.

" මොකක්....තමුසෙට පිස්සු හැදිලද සද..."

ඔව් දැන් දිනූ ජින්ට බනින්න හදන්නේ..

" ආ..මේ මෙතන එයා ඉන්නවා..."  මම එහෙම කිව්ව විතරයි ජින් කේන්තියෙන් තොල හපාගෙන අනිප්පැත්ත හැරුණා...

" ආහ් ඉන්නවද මහත්තයා... එහෙනං එයාටත් අහගන්න කියන්න... මගේ පස්සෙන් එන අර හිපියට කියන්න කියනවා මට වදයක් වෙන්නැතුව ඉන්න කියලා...නැත්තන් මං ඌව මරල හිරේ යනවා...." දිනූ ආවේගයෙන් කෑ ගැහුව.

" දි...දිනූ...මේ..." මම කියල ඉවර කරන්න කලින් දිනූ කතා කලා...

" මං තියනව බං.. බුදු සරණයි..." දිනූ කිව්ව.

" බුදු සරණයි..." මම call එක කට් කරල කෙලින්ම හැරුනෙ ජින් දිහාවට...

" කවුද දිනූට වද දෙන හිපියා...." මම ඇහුවෙ ජින්ට මාරාන්තික බැල්මක් දාල...

උඩ බිම බල බල හිටපු ජින්...

" මං දන්නෙ කොහොමද? " ජින් ඇහුව.

💀☠REVENGE ☠💀Where stories live. Discover now