☠ 13 ☠

272 46 23
                                    

" ජින් මේ වතුර එක බොනවා..." එයා පොඩි එකෙක් වගේ මගේ අණට කීකරු වුනා... මම එයාට එතනම ඉන්න කියල කිචන් එකට ගිහිල්ල දෙහි බෑයකුත් අරගෙන ජින් ලගට ආව.

" ඔ...ඕව ගාන්න එපා... මට මෙහෙම ඉන්න දෙනවා..." ජින් කෑ ගැහුව...

" නටන්නැතුව ඉන්නව ජින්... ඔහොම ඉන්නව ජින්.... කොහොම වාහනේ ගෙනාවද මන්ද... එන ගමන් ඇක්සිඩන්ට් එකක්වත් කලාද දන්නෑ..." මම එයාගෙ යටි පතුල් වල දෙහි ගාන ගමන් කිව්වේ...

" පිස්සුද ගෑණියේ.. මගෙ driving හොදයි.."

" ඇත්තට.." මම එහෙම කියල ඔලුවෙත් දෙහි ගෑව.

" යමු ජින් කාමරේට..." මම නැගිට්ටම එයා මගෙ කර වටේ අත දාගෙන වාරු වෙලා පඩිපෙල නැග්ගා..

මම එයාව ඇදට තල්ලුකරල දැම්ම... මේ ගද එක්ක නං නිදාගන්න බෑ...ටිකක් වෙරි හිදුනම වොෂ් දාගන්න යවන්න ඕන...

එහෙම හිතල මං බැල්ඛනි එකට ගිහිල්ල ඈතින් පේන ටේ හියුන් ගෙ බැන්ග්ලෝ එක දිහා බලාගෙන හිටිය. අයිතිකාරයෙක් නැති ඒ බැන්ග්ලෝ එක පාලුවෙ කිමිදිලා...

" ටේ හියුන්..." මම හෙමීට මිමිනුව...වෙනදට බැන්ග්ලෝ එකේ ලයිට් එහෙම දාල ලස්සනට පේනවා...අද ඒක හාත්පසින්ම වෙනස් වෙලා...මහ පාලුවක ගිලිලා ඒ බැන්ග්ලෝ එක..වෙනදට එයා රෑ වෙලා බැල්කනි එකට එනව...ඒත් දැන්... ඔක්කොම වෙනස් වෙලා...ජිනුයි, අපේ ඩැඩයි තමා හැම දේටම වග කියන්න ඕන...මට මේව මතක් වෙද්දි ජින්ව මරන්න තරන් කේන්තියක් එන්නේ....

මම හෙමීට ජින් ලගින් වාඩි වෙලා බැලුවෙ එයා දිහා... ඇත්තටම මෙයා ගොඩක් ලස්සනයි... ඒවගේම බිස්නස් ෆීල්ඩ් එකේ ඉහලම ගිය කෙනෙක්... under world නෙවේ නං කොච්චර හොද මනුස්සයෙක් වෙන්න තිබ්බ ද...මිනිස්සුන්ගෙ සල්ලි තණ්හාව හැම දේටම වඩා ලොකුයි නේ...

ජින් මොනවද මුමුනනවා...

" ජින්... නැගිටල වොෂ් එකක් දාගමු..."

" ම්හ්... ඔයා වොෂ් දම්මනවද..." එයා එහෙම කියල මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්ත...
එහෙම හිටපු ජින් හිනාවෙලා මන් දිහා බලාගෙන උන්න...

ජින් හරි කලාතුරකින් හිනා වෙන්නේ... ඒ හිනාව හරියට ටේ ගෙ හිනාව වගේ... ඇස් දෙකත් ඒ වගේ... එයා ගෙ මූනෙන් ටේ හියුන්ව මයි මැවිල පේන්නේ...

" වොෂ් දම්මන්නකෝ..." එයා කටත් හද හද පොඩි එකෙක් වගේ කිව්වා..

" එනව යන්න...ගඳේ බෑ..." මම එහෙම කියල හෙමීට එයාව නැගිටල ගත්ත...හෙමීට වාරු කරගෙන බැත්රූම් එකට එක්කගෙන ගිහිල්ල බාත් ටබ් එකේ වාඩි කරවලා ශවර් එක ඇරියා...මම ටබ් එකේ තිබ්බ ෂවර් එකේ ප්‍රෙෂර් එක වැඩිම කරලා එයාගෙ ඔලුවට ඇල්ලුවෙ වෙරි හිදෙන්නම...

" යාහ්... සීතලයි..." ජින් කෑ ගහනවා...

" හොද වැඩේ බීල එනවට..."

________________

බැල්කනි එකේ හිටිය රාජිත කෝල් කලේ හෙන්රිට... under world එකේ ජින්ට පස්සෙ නම ගිය මැරයෙක්...

" රාජිත මහත්තයා... කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා තියෙන්නේ...බිස්නස් වැටුනට පස්සෙ තමා අපිව ඕන වෙන්නේ..."

" පිස්සුද බං... උඹල ව අමතක වෙනවද එහෙම..." රාජිත කිව්ව...

" මොකක්ද සීන් එක..."

" මේකයි... ටේ හියුන්ව දන්නව නේ..."

" ඔව්... අර කොරියන් කොල්ල... අපි ඕකව ඉවරයක් කලානේ..."

" මම හදන්නෙ උගේ property වල බලය මට පවරගන්න... උඹට තියෙන්නෙ ඔප්පුව හොයන වැඩේ...හැබැයි රහසිගතව... මමත් බොරුවට ජින්ට පේන්න මහන්සි වෙනව ඒක හොයාගන්න.. හැබැයි උඹල ඔප්පු ටික හොයන්න ඕන... කෝටි ගානක් වටින කොලඹ බැන්ග්ලෝ එකයි... නුවර හොටෙල් එකයි... ජින් මේක දැනගන්න බෑ..."

" බෙල්ල ගහල යන වැඩක් නෙ ලොක්කා...දන්නව නේ මෑන් ගැන... කේන්තිය control කරගන්න බෑ... අහුවුනොත් ඔක්කොම කපෝති..."

" මම බලාගන්නම් ජින් ගෙ පැත්ත... උඹල බය නැතුව වැඩේ කරපන්... කොහොම හරි ඔප්පු ටික හොයාගනින්... ටික කාලයක් බලමු... බැරි උනොත් හොර ඒව හදමු ... දැනටමත් ෂොපින් මෝල් එක මගේ අතේ නිසා ඒ මුවාවෙන් අනෙක් ඒවත් මගේ කරගන්න පුලුවන්..." රාජිත කිව්ව...

" හරි ලොක්කා..." හෙන්රි පෝන් එක තියනකොට රාජිත ගෙ මූණෙ ඇදුනෙ වියරු හිනාවක්...

_________________

හායි ලමයි...

පොඩි එපියක් දුන්නේ...

මේ දවස් වල වැඩ අනේව්...

පොඩි ගමනකුත් යනවා... ඇවිල්ල විස්තර කියන්නම්😉❤

💀☠REVENGE ☠💀Where stories live. Discover now