හමාගෙන යන වේගවත් හුලං පහරේ හඩ මගේ හිතට එකතු කලේ අමුතු විදිහෙ හැගීමක්. මූසල හැගීමක් වගේ දෙයක්. ඇස් පියවේගෙන එද්දිම, කිටියා මහ හඩින් කෑ ගහන්න ගත්ත.
(නෙදකින් මේ පූසෙක් නිසා සදලි ඔයා විදින දුකක්)
කලබලේන් අතගාල අතගාල ටේබල් ලෑම්ප් එක ඕන් කරපු මං බැලුවෙ කිටී දිහා. එයා අපිට ඉස්සරහින් තියෙන බාත්රූම් එකේ දොර දිහා බලාගෙන තවමත් කෑ ගහනවා. හොදින් විපරම් කරල බැලුවත් කිටියාට බය වෙන්න තරම් දෙයක් එතන නෑ. සත්තුන්ට මිනිස්සුන්ට නොපෙනෙන තරම් සියුම් සංඛ්‍යාත පවා ග්‍රහණය කරගන්න පුලුවන් කියල මං අහල තියෙනව. ඒත්... අනේ මන්ද... විකාර... කියල හිතල මං බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන නිදාගත්තා.
මං නැගිටිනකොට උදේ දහයත් පහුවෙලා.
දඩිබිඩි ගාල නැගිටගෙන බාත්රූම් එකට දිව්වෙ මූණ කට හෝදගෙන මාකට් යන්න කියල. කුස්සිය හරියෙ මුකුත්ම නෑ නෙ. මම නිතරම ඩෙනිම් කලිසම් අදින කෙනෙක්. මොකද ගෑණු ලමයෙකුට ගවුමට වඩා කලිසම තමා සැහැල්ලු. ඒත් එක දවසක් මං ගවුමක් ඇදගෙන යාලුවෙකුගෙ පාටි එකකට ගියා. එදා ටේ හියුන්ග් අයියත් ඇවිල්ල හිටියා. කවදාවත් නැතුව ටේ මගෙ දිහා දෙපාරක් හැරිල බැලුව. ගවුමට මම ගොඩක් ලස්සනයි කියල එදා ගොඩක් අය මාව වර්ණනා කලා. එදා ඇදපු ගවුම මං සූට්කේස් එකෙන් එලියටඅරන් ඇදගත්තා. චූටි රෝසපාට මල් වැටුන, සුදු පාට කොට ගවුමක්. කොණ්ඩෙ මුදාහැරල දෙපැත්තෙන් වැටෙන කොණ්ඩ කෑලි ටික එකතු කරල චූටි කටුවක් ගහල පර්ෆියුම් එක ස්ප්‍රේ කලා. කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ල වටයක් කෑරකිලා මොඩ්ලින් ෂෝ එකක වගේ කැට් වෝක් එකෙන් ඇවිදගෙන ගිහිල්ල ආයෙමත් වටයක් කැරකෙනකොට මට දැනුනෙ අර සීතල සුලග. ඒ හුලග මගේ වටේට කැරකෙනවා. හරියට මාව ස්පර්ශ කරන්න වගේ.මගේ කන ලගින්ම මට ඇහුනෙ පුරු පුරු ශබ්දයක්. මාව රත් වෙලා ගියා. මම ක්ෂනිකවම පිටිපස්ස හැරුණා. අනේව්... කිටියා තවමත් ඈනුම් ඇර ඇර කම්මැලිය වගේ දොයි.
ඒත්... අර පුරු පුරු සද්දේ...? අනේ මන්ද... මගේ විකාර...හිතමින් මම පර්ස් එකයි, phone එකයි අරගෙන එලියට බැස්සා. ගේට්ටුවෙන් එලියට අඩිය තියෙනකොට ම මගේ දෙනෙත ඇදිල ගියේ ටේහියුන්ග් ගෙ බැන්ග්ලෝ එකට. මට හීල්ලුනා. කදුලු හංගගෙන උන්නත් මගෙ ආදරේ මට නැති උනා කියන ඒ හැගීම මාව පණ පිටින් පුච්චනවා. මගේ හිතුවක්කාරකම් නිසයි මට ඔයාව නැති උනේ... හේතුවක් නැතිවම මාව ඒ දිහාවට ඇදිල ගියා.