☠️26☠️

401 69 94
                                    

ජින් වැස්සෙම වටපිට බලන්න වුනේ අවට නිවසක්වත් හොයාගන්න.නැත...කෙටි වූ පාර දෙපස රබර් කැලෑවක් විනා වෙනත් කිසිදු නිවසක් ඇති බවට සාක්ශියක් නැත.

" මොකද කරන්නේ..."

ජින් කල්පනා කර කර ඉන්නකොටයි තමන් වතුර බීමට තියාගෙන ඉන්න බෝතලේ මතක් වුනේ.වාහනේ පිටිපස්සෙ ශීට් එකෙන් බෝතලය අරගෙන වතුර දමන ටැන්කියට වතුර ටික හලපු ජින් මොහොතක් ඉද බොනට්ටුව වසා නැවත ඩ්‍රයිවින් ශීට් එකට ආවෙ.වාහනේ ස්ටාර්ට් කරපු ජින්ට දැනුනේ ඉතා දුර්වල ලෙස නැවත වාහනේ ක්‍රියා විරහිත වුන විදිය.කෝපයෙන්ම සුක්කානමට ගැසූ ජින් නැවත නැවත ස්ටාර්ට් කර බැලුවත් එහි කිසිදු වෙනසක් වුනේ නෑ.එකපාරටම ජින්ට දැනුනේ කවරෙකු හෝ වාහනය පසු පසට අදිනවා වන් හැගිමක්.ගිනි අවිය ලොකර් එකෙන් ඇද ඉණේ සගවාගත් ජින් කෝපයෙන්ම වාහනෙන් බැස්සා.

වාහනයෙන් නිකුත් වන දුර්වල ආලෝකයෙන් ජින්ට වාහනය පිටුපස අදුරු යමක් ඇති බව දර්ශනය වුනා.

" කවුද ඔතන..."

ජින් සීමාව ඉක්මවා යන කෝපය පාලනය කරගෙන ඇහුවේ.ක්ශණිකව පිටුපස ඩිකිය ලගට ගිය ජින් දුටුවෙ එහි කවුරුත් නොමැති බවක්.සැනෙන් වාහනය කිසිදු හේතුවක් නොමැතිව අකණ්ඩව හෝන් එක ශබ්ධ කරන්න වුනේ. ජින් ගොස් එය ක්‍රියා විරහිත කර නැවත වටපිටාව බලන්න වුනා.

" මාත් එක්ක සෙල්ලම් කරන්න එපා....හැංගිලා ඉන්න කෙනෙක් ඉස්සරහට එනවා..."

ජින් කෝපයෙන්ම කෑගැහුවා.
ජින් ට වර්ශාවෙම ඇහුනේ තමා අවට කොළරොඩු මත බරැති යමක් ගැටෙනවා වගේ. ජින් පිටුපසට හැරුනේ ඒත් එක්කමයි...ජින් ගෙ හිත මොහොතක් ගැස්සුනා කියුවොත් හරි.විශාල කලු පැහැති දෑස් රතු සුනඛයෙකු ඔහු ඉදිරියේ පෙනී සිටියා.

" උඹට බෑ යකෝ මාව නවත්තන්න.කාලකණ්නි...තෝත් එකයි මට තොගෙ අවතාරෙත් එකයි..."

ජින් එහෙම කියලා ඉණේ සගවා සිටි පිස්ටල් එක ගෙන වෙඩිල්ලක් තිබ්බේ.සුනඛයාට එය ගානක්වත් නැති හැඩයි.තවමත් සෙමින් තමා ඉදිරියට ඇදෙන විශාල සුනඛයාට කොපමණ වෙඩි උණ්ඩ එල්ල කලද ඒ කිසිවක් සුනඛයාට නොදැනුනු තරම්.

💀☠REVENGE ☠💀Where stories live. Discover now