☠️25☠️

297 50 44
                                    

අධිසංවේදී අය කතාව කියවීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලා සිටිමි‼️‼️‼️

" අහකට පලයන් පව්කාරයා..."

සාමි කෝපයෙන්ම සුනඛයා දෙස බලාගෙනම නැගිට්ටා....

එක්වරම ඉදිරි ගාත් දෙක උස්සා හිටගත් කලු පැහැති විශාල සුනඛයා දුටු සාමිට දැනුනේ තමා මේ ලෝකෙන් යෑමට නිසි කාලය එලැබී ඇති බවක්...තමාට අඩි පහක් පමණ ඉදිරියෙන් ගාත් උස්සාගෙන දත් විලිස්සගෙන සිටි විශාල කලු පැහැ සුනඛයා දුටු ඔහු බියෙන් තැති ගන්නට විය....

සුනඛයා ඔහුව දවන කෝපයකින් ඔහුගේ ගෙලට කඩා පැන්නේ....අවට නිහැඩිතාවයට කෝවිලේ සාමිගේ මරලතෝනිය එකතු කරමිනි....තත්පර කිහිපයක් පැවතුනු ඒ විලාපය නතර වූයේ නිදිවර්ජිතව වගා භූමිවල මුරයට සිටි ගැමියන් කිහිපදෙනෙකුගේ හදවත් බියෙන් දවාලමිනි....

කෝවිලේ දොරෙන් ගලා ආ රත් පැහැ රුධිර ධාරාව සමග ඉන් පිටතට පැමිණියේ කැහැටු වූ කලු පැහැති කුඩා සුනඛයෙකි....

..................

එයා වාහනය පුලුවන් වේගයෙන් අරගෙන ගියා....කදු එක්ක තියෙන බෑවුම් වලත් කිසිම බයක් නැතුව වේගයෙන් වාහනය අරගෙන ගියා....මෙයා මේ යන විදියටනම් මට ගාල්ලට යනකන් ශුවර් නෑ...ඒතරමට බය වෙලා....මම දැක්කේ එයා ඩ්‍රයිව් කරන ගමන් වැලමිටෙන් කදුලු පිහදන විදිය...
මෙයාට අඩන්නත් පුලුවන්ද...මට කල්පනා වුනා.

" අඩන්න එපා අයියේ...අම්මාට මුකුත් වෙන එකක් නෑ..එයා ඉක්මනට සනීප වෙයි..."

මම එයාගේ පිට අතගාලා කියුවේ....එයා කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ....

පැය කිහිපයකට පස්සෙ අපි ආවෙ කරාපිටිය හොස්පිටල් එකට....එයා වාහනේ පාකින් එකට දාලා වේගයෙන් දුවගෙන ගියා....මමත් ඒ පස්සෙන්ම දුවගෙන ගියා....

ඒත් එක්කම ජින් හැප්පුනේ ෆෝන් එකක් කනේ ගහගෙන ආපු ටිකක් මැදිවියේ වගේ මනුස්සයෙක් ලග...මම එයාව මීට කලින් දැකලා තියෙනවා....ඔවු එදා අපේ ගෙදර ලෑස්ති කරපු ජින් ගෙයි මගෙයි වෙඩින් එකට මෙයා ඇවිත් තිබුනා....

" පුතා...මම මේ ඔයාට කෝල් එකක් ගන්න එළියට ආවෙ....ඔම්මව නෝමල් වෝඩ් මාරු කලා...කලබල වෙන්න එපා.."

💀☠REVENGE ☠💀Where stories live. Discover now