මගේ මුලු ඇගේ පණ නැති වෙලා ගියා ඒ කිව්ව දේ ඇහිල. වැටෙන්න ගිය මාව වාරු කර ගත්තෙ ඒ අංකල්.
" කොහොමද අ...අංකල් එ..එහෙම වෙන්නේ? "
මං ඇහුවෙ අමාරුවෙන් වචන ගලපගෙන.
"මේ පැත්තෙ ඕන තරම් හොරු ඉන්නවා දරුවො... නැත්තන් කොල්ලො කුරුට්ටන්ගෙ අමන වැඩක් වෙන්න ඇති. නෝනා ඉන්නෙ අර ගෙදර නේ... නෝනා මගෙ ටැලිපෝන් නොම්මරේදාගන්නකෝ. උදව්වක් ඕන උනොත් මට කතා කරන්න.
පුංචි බේබි මට මගේම දරුවෙක් වගේ... නෝන කියලත්වෙනසක් නෑ... "මම ගැහෙන ඇගිලි වලින් නම්බර් එක phone එකේ save කරගෙන අංකල් ට සමු දුන්නා. මම සුපර් මාකට් එකට ගිහිල්ල වැඩිය රැදෙන්නෙ නැතුව කිටීට සාලයොයි, කිරියි, එලවලුයි තව උවමනා කලමනා ටිකක් අරගෙන ගෙදර ආව.
ඉක්මනට කුස්සිය ට ගිහිල්ල බඩු අහුරල උයන්න ලෑස්ති වෙනකොට මාව ගැස්සිලා ගියේ කකුලෙ යමක් ස්පර්ශ උන නිසා.
" අනේහ්... කිටියා... මෙන්න ඔයාට බඩ්ඩක් ගෙනාවා "
මම එහෙම කියල සාලයො දෙතුන්දෙනෙක් පරණ පිගානකට දාල දුන්නා. කාලෙකින් රස කෑමක් ලැබුන වගේ මටත් ගොරව ගොරව කනවා. මං වතුර ටිකක් ගැඹුරු පිගානකට දාල කිටි ලගින් තියල room එකට ආව.
මම ඇදුම් උනාදාල මූණකට හෝදගෙන ඇදුමක් දාගෙන ටක් ගාල කුස්සිය ට ආවෙ මොනවහරි උයන්න කියල හිතාගෙන. නුඩ්ල්ස් පැකට් දෙකක් කඩලා අරගෙන ඒක හදලා සොසේජස් දෙකක් බැදගෙන ප්ලේට් එකකට දාගෙන මං සාලෙට යන්න හදනකොට කිටී කෑම කාල ෆ්රිජ් එක උඩ නැගගෙන සැප නින්දක.
" අනේ අම්මප ඇත්තට... මෙහෙමත් නිදි කුම්බරයෙක් "
එහෙම කියපු මම පිගානත් අරගෙන සෝෆා එකට ආවෙ ටිවී එකත් ඕන් කරගෙනමයි. මගේ මනසේ අර සින්දුව දෝන්කාර දෙනවා. අංකල් කියපුවත් එක්කම. එකපාරටම මට මතකයට නැගුනෙ ටේ නැතිවුන වෙලේ කියපු දේ...
"පලිගන්නවා... ඔව් පලිගන්නවා කියලයි එයා කිව්වේ..."
" මගේ හිතේ තියෙන ආදරේ තරම දන්නව නම් ඔයා ඔහොම කියන්නෙ නෑ ටේ..." මගේ ඇස් වල කදුලු ආයෙත් අලුත් වුණා.