☠️28☠️

359 58 34
                                    

අපි හෙමින් හෙමින් ඇවිදගෙන ආවෙ බැන්ගලෝ එකට.මම දැක්කෙ අම්ම පපුවට අතකුත් තියාගෙන බැන්ගලෝ එක දිහා බලාගෙන ඉන්න විදිය.අපි ගේට් එකෙන් ඇතුළට ආවම සිරිපාල අන්කල් වත්තෙ රෝස පාත්තියට වතුර දානවා.අපි ආවම අන්කල් කටපුරා හිනා වෙලා අපි ලගට ආවෙ.

" මහත්තයාල ඇතුළට යනකෝ.මම වතුර ටික දාලා ඉවරයක් කරලාම එන්නම්."

සිරිපාල අන්කල් කියුවා.

" පුතේ අපි කුස්සියට යමු නේද..."

අම්මා හිනා වෙලා ඇහුවේ.අයියත් හිනා වෙලා ඔලුව වැනුවා.මෙයාලගෙ කතාව ගොඩාක් දුක්බර එකක් වගේ...මමත් එයාලගෙ පස්සෙන් කුස්සියට ගියා.අයියා පැන්ට්‍රිය උඩ වාඩි වුනාම අම්මා ජනේලය ලගටම රෝද පුටුව ගත්තේ.අම්මාගේ ඇස් වල කදුලු.එයා කුස්සිය පුරාවටම ඇස් යැව්වෙ අවුරුදු ගානක මතක ආපහු අවදි කරන්න වගේ.

" සදලි වාඩි වෙනවා ඔය පුටුව අරගෙන."

එයා කියුවා.මම පුටුව එයා ලගට අරගෙන පැන්ට්‍රියේ නැගලා ඉන්න එයාගෙ කලව උඩට ඔලුව බර කලේ.

" පිස්සි...."

එයා සනීපෙට ඔලුව අතගාලා හිනාවෙලා එහෙම කියුවෙ.

" ඒ අතීතය මතක් කරන්නවත් මම ආස නෑ පුතේ.ඒත් තව මේවා හංගගෙන ඉදලා කිසිම තේරුමක් නෑ."

අම්මා කියුවේ ඇස් වලට උනපු කදුලු පිටි අල්ලෙන් පිහදලා.

"මට මතකයි මම මේ වලව්වට මුලින්ම ආපු දවස....එදා මම ආවෙ මේ වලව්වට වැඩකාරියක් විදියට."

අම්මා කියුවාම මට ගොඩක් පුදුම හිතුනා...

" වැඩකාරියක්...!?"

මම පුදුමෙන් ඇහුවෙ.අම්මා ඔලුව වනපු එක කලේ.

" එදා එහෙම ගමනක් නොආවනම් කියලා හිතුණු වාර අනන්තයි.ඒත් පුතා ගැන මතක් වුනාම වලව්වට ආව එක හොදයි කියලා හිතෙනවා.මගේ ජීවිතේ ලස්සන වුනේ මගේ පුතා මගේ අත් දෙකට ආවට පස්සෙ.ඒ තරම් ජීවිතයක් මට නෑ...."

අම්මා එහෙම කියලා ආපහු අඩන්න ගත්තා.මටත් කදුලු වල පාලනයක් නැති වුනා.

" අනේ ඔම්මා ප්ලීස් අඩන්න එපා.මට දැනගන්න ඕනි නෑ..."

මම කියුවා.

💀☠REVENGE ☠💀Where stories live. Discover now