♡3♡

61 14 53
                                    


Author POV ,

සතියකුත් ඉක්මනින් ගෙවිලා යන්න ගියේ හෝසෝක්ගේ හිත වගේම පවුලේ අයගේත් හිත් තවත් රිද්දන්න ගමනුයි. ....

හදිස්සියේම ආව call එක නිසා හෝසෝක් ඉක්මනින්ම Soul hospital එකට යන්න ගියා ....

ඇතුලේ හිනාවෙවී ඉන්න කෙනා දැකපු ගමන් හෝසෝක් නැවතත් තම සිනාමුසු මුහුණකින් එය තුලට ගියත් එය මවා ගත් සිනාවක් බව දන්නේ ඔහුම පමණයි ...

" හොබී .. මේ දැක්කද අපේ පුංචි අදල්ව .. " තරුණියක් එලෙස කියමින් හෝසෝක්ට තම අත්සන් කුඩා දරුවාව පෙන්වද්දී හෝසෝක් ඇය ලගට ගොස් එම දරුවාව හෙමින් සැරේ හරි පරිස්සමට ඒ පුංචි මල් කැකුලව තම අතට අරගන්න ගමන් හෝසෝක් ...

" රියා .. එයා ඔයා වගේමයි ... " කියන ගමන් තම එක් අතකින් ඒ පුංචි දරුවාගේ එක කොපුලක් පරිස්සමින් පිරිමදිද්දී ...

" හොබී ..." රියා හෝසෝක්ට කතා කරද්දී ඇතුලට ආව නර්ස් කෙනෙක් බබාව අරන් යද්දී හෝසෝක් ..

" ඇයි love ...." කියන ගමන් රියාගේ අත් දෙක අල්ලගනිද්දී රියා ....

" මං දන්නවා හොබී ඔයා ඉන්නේ ගොඩක් ලොකු දුකකින් කියලා .. මියානේ ...මට තව ටික කාලයයි ඉන්න පුලුවන් ....මියානේ ඔයාට දීපු පොරොන්දුව කැඩුවට .. මියානේ ...."

රියා අඩන ගමන් කියද්දී හෝසෝක් තම කදුලු පිරුණු දෑසින් යුතුව ඇයව බදාගෙන ඇයගේ නළලත සිබිනගමන් අඩද්දී මේ දිහා මීහා වගේම මිසිස් ජන්ග් බලන් හිටියේ ලොකු වේදනාවකින් ...

ඔව් රියා කියන්නේ හෝසෝක්ගේ බිරිද ...ඔවුන් දෙදෙනා විවාහා වී වසර හයක් වෙනවා .. ඔයාලා බලනවා ඇති කෝ රියාගේ පවුලේ අය කියලා ... රියාගේ දෙමව්පියෝ රියාව හෝසෝක් එයාලගේ අකමැත්තෙන් මැරි කරපු නිසා එයාලගේ පවුලෙන් රියාව අයින් කලා ... මොකද හෝසෝක් ඉස්සර ගොඩක් දුප්පත් කෙනෙක් වුණ නිසා ...

රියා කියන්නේ පිළිකා රෝගයකින් පෙලෙන කෙනෙක් .. ඇයට cancer එකක් තියෙනවා කියලා දැනගද්දී ඇය පරක්කු වැඩී ...

" රියා අපි වෙලාවට බෙහෙත් ගමු .. එතකොට ඔයාව සනීපවෙයි ..." හෝසෝක් අඩන ගමන් කියද්දී රියා ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Waar verhalen tot leven komen. Ontdek het nu