♡22♡

21 6 17
                                    


Author POV ,

ජන්මි හෝසෝක්ගේ අත් දෙක අල්ලන් එහෙන්මම ඔහු දිහා බලන් ඉන්න ගමන් " හොබී ඇයි ඔයා ඔහොම මං දිහා බලන් ඉන්නේ " ජන්මි දිලිසෙන කොළ ඇස් වලින් බලද්දී හෝසෝක් " ඔයාගෙ ඇස් දෙක දිහා , ඒවා ගොඩක් දිලිසෙනවා හැබැයි ඉර එලිය නිසා නම් නෙවේ "

හෝසෝක්ගේ කවදාවත් දැකලා නැති ලස්සනම හිනාව අද අවුරුදු ගානකට පස්සේ හෝසෝක් කෙනෙක් ඉස්සරහා පෙන්නුවා . ඒක හරිම ආකර්ශනීය හිනාවක් .

" එහෙනම් ඒ මොකටද ? " ඇය ඔහුගේ දෑත් තවමත් අල්ලා ගනිමින් ඔහුගේ ත් ඇයගේ ත් දෑත් එකට අල්ලාගෙන සිටින දිහා බලන් ඉද්දී හෝසෝක් එහෙන්මම ඇය දෙසට පහත් වී " ආදරය නිසා " කියද්දී ජන්මි රතු වෙලා ගියේ හෝසෝක් පවා එය දැකලා හිනාවෙන විටයි .

" අපි ටිකක් ඇවිදින්න යමුද ? ගොඩ කාලෙකින්නේ හම්බවුණෙත් " ජන්මි දිහාම බලන් හෝසෝක් අහද්දී ජන්මි ඔලුව වනලා ඒක අනුමත කරද්දී හොසෝක් ජන්මිගේ අතින් අල්ලන් වාහනේ ළඟට ලාවට හිරිකඩ වැටෙන මොහොතේ ගිහින් දෙන්නම නගින දිහා ඈත ඉඳන් තමන්ගේ වාහනේ ඇතුලේ ඉඳන් සුන්මි කේන්තියටම රතු වුණ ඇස් වලින් බලන් ඉන්න ගමන් " ජන්ග් හෝසෝක් තමුන්ට මගේ ඔන්නි කොච්චර නම් ආදරේ කළාද ? මගේ ඔන්නි තරම් තමුන්ට ඔය කෙල්ලගෙන් ආදරේ ලැබෙන්නෙ නැහැ . මං තමුන්ට වෛර කරනවා "

එලෙස කියමින් ඇය තම වාහනය වේගයෙන් මහ පාර දෙසට හැරවූවා .

ඒත් ඉස්සරහට මොනවා වේවිද ? ඒක හිතන්නවත් අමාරු වේවි .

" මින්හී " සුන්මි තම හොඳම යාලුවා වුණ මින්හි ව මුණ ගැහෙන්න ගිය මොහොතේ සුන්මි දැක්කේ මින්හි කොල්ලෙක්ව බඳන් ඉන්න හැටියි . තමන්ට පිටුපාලා කොල්ලා ඉඳපු නිසා ඒ කවුද කියල සුන්මි දැක්කේ නැතත් එතනට සුන්මි ගිහින් මින්හිට කථා කරද්දී ඒ කොල්ලත් මින්හිත් එකපාරම හැරිලා බැලුවා .

" සුන්මි " මින්හි එලෙස කථා කරද්දී සුන්මි " ආ මට මෙතන වෙනදේ පැහැදිලි කරන්න පුලුවන් කාටද ? " සුන්මි ලාවට හිනාවෙලා එහෙම අහද්දී මින්හි ලැජ්ජාවෙන් ඇඹරෙන දිහා දැකපු සුන්මි " මං හිතන්නේ මින්හියා මං නොදන්න දෙයක් ඔයාගේ තියෙනවා වගේ " හිනාවෙලා කියද්දී මින්හී " එන්නකෝ දෙන්නම ඇතුළට " කියමින් ගේ ඇතුලට දුවලා ගිය මින්හි පස්සෙන් සුන්මිත් අර කොල්ලත් යන්න ගියා .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now