♡6♡

43 12 31
                                    


Author POV,

" මොනවද තමුන්ලා හිතන් ඉන්නේ ආ .. බලනවා මේ දිහා .. තමුන්ගේ මේ වැඩ නිසා company එකට තව පොඩ්ඩෙන් ලොකු lost එකක් වෙන්නේ .." එලෙස කියමින් එම තැනැත්තා බැන වදිද්දී එහි සිටි සේවකයෙක් බිම බලාගෙන ඒ සියල්ලම අසා සිටියේ තමන්ගේ අතින් වුණ වැරැද්ද නිසා පසුතැවෙන ගමනුයි ..

" තමුන් අද මේ වැඩ ටික ඉවර කරලා මිසක් company එකෙන් එලියට යන්න බෑ .. දැන් මෙතනින් යනවා යන්න මගේ දෑහට නොපෙනී .."

තම අසුනෙන් නැගිට අත තිබූ file එක එම පුද්ගලයා දෙසට විසි කරද්දී cabin එක පුරාම කොල ටික වැස්සක් වැටෙනවා වගේ වැටෙද්දී එම සේවකයා ඉක්මනින් ඒ සියල්ල එකතු කරගෙන ..

" චොසෝහම්නිදා මිස් ජෙනී .." ඇයට ආචාර කරමින් ඔහු ඉක්මනින්ම cabin එකෙන් පිටතට දුවද්දී ජෙනී තම අසුනෙන් නැවතත් ඉදගෙන අත් දෙකෙන් තම නලල දෙපැත්ත මදක් තෙරපා ගත්තේ stress එක නිසාම දැනුණ ඔලුව කැක්කුම නිසයි ...

" ඔහ් .. මේ මිනිස්සු නිසා තව පොඩ්ඩෙන් මට පාරට බහින්න තමා වෙන්නේ .. " එලෙස තමාටම කියා ගනිමින් ඇය නැවතත් file එකක් රැගෙන ඒවත් ආයෙත් පාරක් check කරමින් ඉද්දී එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුණ නිසා ජෙනී ...

" come in " එලෙස පිලිතුරු දෙද්දී ඇතුලට ආව කෙනාව දැකපු ජෙනී ලොකු සතුටක් දැනුනා ..

" ඔහ් සුන්මියා .. ඔයා මෙහේ .. අද lectures නැද්ද .." ජෙනී හිනාවංලා අහන ගමන් සුන්මි ඉදගන්න කියලා අතකින් අසුනක් පෙන්නද්දී සුන්මිත් ඉක්මනින්ම එතනින් ඉදගෙන ..

" අනී ඔන්නි ...වේ ඔන්නි .. ඔයා අර මනුස්සයට බැන්නේ .." එලෙස අසද්දී ජෙනී " ආහ් එයා නිසා තව පොඩ්ඩෙන් ලොකු lost එකක් වෙන්න තිබුණා .. ඒක අමතක කරන්න .. මගේ ඔලුවත් රිදෙනවා .. ඉතින් ඇයි අද හදිස්සියේම ආවේ "

" අහ් .. මං නිකන් ආවේ මගේ ඔන්නිව බලන්න හුම් ... එන්න එපාද මං හහ් .." බොරුවට මූණත් බෙරි කරගන්න ගමන් සුන්මි ජෙනීට රවලා කියද්දී ජෙනී ..

" ඕමෝ .. දේ දේ .. ම්ම් .. ඔයා අද ආව එකේ අපි එලියට ගිහින් shopping කරලා තව කෑමත් කාලා පොඩ්ඩක් enjoy කරමු ..ඔයා කැමති නේද ?.." ජෙනී කියද්දී සුන්මි පුටුවෙන් නැගිටලා ජෙනී ලගට ඇවිත් ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now