♡24♡

14 5 31
                                    


Author POV ,

" සුන්මියා .... " මින්හී එලෙස කථා කරමින් watermelon melon juice එකක් අතට දෙද්දී සුන්මි මින්හිගේ මූණ දිහා නොබලම ඒක අතට අරන් " තමුන්ලා දෙන්නා ඕක පටන් අරන් කොච්චර කල්ද .... කියමු බලන්න "

Watermelon juice එකෙන් උගුරක් බොද්දී නම්ජුන් ඇඟිලිත් පටලන් " මෙ ... මෙහෙ ..... " වචන කැඩි කැඩී කියවෙන නම්ජුන් ගේ මූණ දිහා කලකිරීමෙන් බලන් ඉඳපු සුන්මි " මෙහෙම නෙවේ නම් කොහොමද ? පිරිමියෙක් නේද ? කොන්ද පණ ඇතුව කථා කරනවා මනුස්සයෝ කෙල්ල ඉස්සර්හදි "

සුන්මි එලෙස කියමින් ආපහු juice එක බොන ගමන් මින්හි දිහා බලද්දි මින්හි නම්ජුන් දිහා බලන් හිනාවෙවී ඉඳියා . සුන්මියා music කළාට මොකෝ කට හරිම සැරයි වගේම වෙලාවකට නපුරුයි .

.

.

සුන්මි කියන්නේ ගොඩක් දඟකාර කෙල්ලෙක් වගේම ගොඩක් සමාජශීලී . තවත් දෙයක් නම් සුන්මි තමන්ට ආදරේ හැමෝටම ආදරෙයි . ඒ නිසා යුනි එකේ පවා කැපී පෙනුණ චරිතයක් වුණා . ඒ නිසාම හෝසෝක් ඒ හැසිරීම නිසා කැමැත්තක් විතරක් තිබියදී ආදරේ කරන්න ඇරයුම් කරද්දී සුන්මි හෝසෝක් ට එකපාරටම කැමැත්ත දුන්නේ යුනි එකට ආව කාලේ ඉඳන් ඔහු ගැන ආසාවක් තිබුණ නිසයි. ඔව් ආසාවක් .

ඒත් අන්තිමට දෙන්නම තේරුම් අරන් සතුටින් ඈත් වුණා වගේම ඔවුන් ඔවුන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න තීරණය කළා .

ඒ වගේම සුන්මිට මින්හි නම්ජුන් එක්ක යාළු වුණ එක ගැන ටිකක් හොයන්න ඕනි වුණා . ඇයට එය වගකීම්ක වගෙයි දැනුණේ . ඔම්මා අප්පා නැති දරුවෙක් වුණ මින්හි ව තනි නොකරපු වගේම වචනෙකින්වත් හිත නොරිද්දපු එකම යාළුවා සුන්මි . ළමයි මින්හිව bully කරද්දී බේරගත්ත එකම කෙනා සුන්මි .

මින්හී ත් සුන්මිට නම්ජුන් එක්ක කථා කරන්න ඕනි කිව්වාම නම්ජුන්ටත් කියලා කැමති කරවගත්තේ හැබැයි අවවාදයකුත් දීලා " ජුනී සුන්මි බැන්නත් ගැහුවත් කරබාගෙන ඉන්න .... ඔයා එයාට වචනයක්වත් කියන්න එපා " ඔච්ච්‍රයි කිව්වේ . මින්හි වුණත් සුන්මිට ගොඩක් ආදරෙයි . ඒ යාළුවාව නැති කරගන්න ලෝභයි . නම්ජුන් වුණත් සුන්මි ව වචනයකින් හරි රිද්දුවොත් මින්හි සුන්මිගෙ පැත්ත අනිවාර්යයෙන්ම ගනී . ඒක එක පැත්තකින් නම්ජුන් ට වෙන අසාධාරණයක් වෙන්න් පුලුවන් ඒත් මින්හිට ළඟදී ආව ආදරේට වඩා තමන්ගේ පුංචිම කාලේ ඉඳන් ඉඳපු යාළුවව වටිනවා . ඒක නම්ජුන් පවා දැනන් ඉඳපු කාරණාවක් .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Où les histoires vivent. Découvrez maintenant