♡25♡

27 6 20
                                    


Author POV ,

" නූනා සුන්මිට මොකද්ද වුණේ ..... " ජන්කුක් ජෙනී ළඟට ඇවිත් සුන්මි දිහා බලන්ම ජෙනීගෙන් ඇහුවා . ඒත් එක්ක්ම ජෙනී " එයා වාහනේ ගොඩක් වේගෙන් drive කරේ නැත්නම් මෙහෙම වෙන්නෑ බනී " අත් දෙක බැඳගන්න ගමන් එහෙම කියලා එතන ළඟ තිබුණ පුටුවකින් ජෙනී ඉඳගන්න ගමන් කනස්සල්ලෙන් සුන්මි දිහා බලන් ඉද්දී මින්හිගෙන් msg එකක් ආවා .

ඔන්නි සුන්මි ඔයත් එක්කද ?
එයාට මං call කළාට answer
කරන්නෑනේ ...

සුන්මි seoul hospital
එකේ ඉන්නේ accident වෙලා.

මින්හිට එලෙසින් reply කරලා phone එක පැත්තකින් තියලා ජන්කුක් දිහා බැලුවේ ඔහු ජෙනීට කථා කරපු නිසයි ." නූනා ... සුන්මි එහෙම කවදාවත් වේගෙන් drive කරන කෙනෙක් නෙවේනේ ." ජන්කුක් එලෙස කියමින් සුන්මි ළඟට ගොස් ඇය දිහා දුකෙන් එකදිගට බලන් ඉදියත් ආපහු ජෙනී කථා කරපු නිසා හැරිලා බැලුවා .

" එයා ඉක්මනටම නැගිටීවී බනී . දුක් වෙන්න එපා " ජෙනී එලෙස කියමින් ආයාසයෙන් හිනාවෙද්දී ජන්කුක් ජෙනී ළඟට විත් " නූනා දවල් කාලා නෑනේද ? "

" ඔහ් කොහොමද දැනගත්තේ " ජෙනී ලාවට හිනාවක් පාමින් අහද්දී " නූනාගේ යාළුවා චේයෝන්ග් කිව්වේ " ජන්කුක් දත් තිස් දෙකම දාලා හිනාවෙලා කියලා එතනින් එලියට ගියත් එකපාරටම ඇතුලට ආවේ මින්හී..

" ඔන්නී එයාට කොහොමද ? " දුකෙන් කථා කරන ගමන් සුන්මි ළඟට ගියා . " එයා දවස් දෙකක්වත් යයි නැඟිටින්න ... " ජෙනී කියලා ඉවර වෙනවත් එක්කම චේයෝන්ග්ගෙන් call එකක් ආව නිසා answer කළා .

" Mam ... කොහොමද සුන්මිට " චේයෝන්ග් කථා කරනකොට ජෙනී ටිකක් කේන්තියෙන් " මං කියලා තියෙන්නේ company එකේදී විතරක් මට එහෙම කථා කරන්න මිසක් අනිත් වෙලාවට ජෙනී කියලා නමින් කථා කරන්න කියලා rose " තදින්ම කියද්දී " හරි හරි sorry අනේ . මේ මං hospital එකේ ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ කියන්න පුලුවන් ද ?" හිනා වෙලා කියද්දී ජෙනී " කොහොම හරි හොයාගන්නවා . මට මෑම් කිව්ව එකට මං තරහයි "

" හයියෝ .... දැන් අර රෙසිප්ෂන් ගෑනිගෙන් අහන්නත් එපෑ මං ... මං හරි අකමැතී අප්පා එහෙම අහන්න හහ් " අතේ තිබුණ කෑම එකත් උස්සන් යද්දී " නූනා ...." අඳුරන කටහඩක් ඇහුණ නිසා රෝස් " අනේ ඔය එන්නේ මගේ ගැලවුම්කාරයා .... Thankyou god " අහස දිහා බලලා ආපහු " ඔහ් කුක් ... මොකෝ මේ හති දාන්නේ ... අහ් ඔයත් කෑම අරගත්තද ? මාත් ගත්තනේ "

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now