♡12♡

34 8 19
                                    

Author POV,

දින සති මාස කෙමෙන් ගෙවිලා අවුරුද්දක් යන්න ගියේ කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙක් ගැන තිබුණ කැමැත්ත ආදරයකට හරවන ගමනුයි ..

" ඒයි හෝසොකා එයා කැමති වෙයිද බං .. මට බයයිත් වගේ .." හෝසෝක් ගේ පිටිපස්සෙන් එකම දේ සැරින් සැරින් අහනගමන් තිස්පස්වෙනි වතාවටත් උදේ හම්බවුණු වෙලේ ඉදන්ම ඉදිකටු පස්සෙන් යන නූල වගේ නම්ජුන් හෝසෝක් ට එපා වෙනකල්ම අහන්න ගනිද්දී හෝසෝක් " බය වෙන්න එපා බං .. අහපන් ඕක .." එකම වචනත් මන්තර වගේ මතුරලා කිව්වත් නම්ජුනාගෙන් නම් ගැලවෙන්න හම්බවුණේ නෑ ..

" යකෝ .. උඹේ කට රිදෙන්නැද්ද .. උදේ ඉදන් පස්සෙන්මයි .. ලෙක්චර් කරන ටයිම් එකේදී විතරයි කනක් ඇහිලා ඉන්න පුලුවන් උබෙන් ..අන්න උඹ මගේ පස්සෙන්ම හැමවෙලේම එන නිසා uni එකේ ලමයි පවා අන්න අපි දෙන්නා couple එකක් කියලා හතරවටේම කටකතාත් පැතිරිලා .. තොට සතුටුයිද දැන් ..."

ඉණට අත් දෙකත් තියන් හෝසෝක් නම්ජුන්ට ඔරවන් කියවද්දී නම්ජුන් " හ්ඇ ... කවුද කිව්වේ "නම්ජුන් ඔලුවත් කසන ගමන් අහද්දී හෝසෝක් " යකෝ .. මගේ කන් දෙකටම ඇහිලා තියෙන නිසයි කියන්නේ .. තොගේ love එකක් නිසා ලමයෙක් ඉන්න මට මේ uni එකේ හැදෙන කතා බලහන් .. මං උඹේ බෙල්ල ගලවලා අතට දෙන්න කලින් දැන් මෙතනින් පල ..."

හෝසෝක් මලපැනලා කියවන් යද්දී නම්ජුන් " හරි හරි ඉතින්.. මං ය.. න් ..න.. ම් .. ඕකට .. ඔච්ච...ර කේන්ති ගන්....න එපා .." නම්ජුන් කේන්තියටම රතු වෙලා තියෙන හෝසෝක් ගේ මූණ දිහා බලන් කියලා එකපාරටම හැරෙද්දී බිම තිබුණ මල් පෝච්චියක කකුල වැදෙද්දී ඒ මල් පෝච්චිය කානුවට වැටිලා කුඩු වුණේ නම්ජුන් ඒක දැකලා එතනින් shape එකට තමන් කලේ නෑ වගේ දුවලා යද්දී ...

" මුට තාම මේ බඩු කඩන ලෙඩේ නැතේ කරගන්න බැරි වුණානේ .." තමන්ගේ නලලට අත ගහගන්න ගමන් හෝසෝක් තමන් එක්කම කියවන ගමන් හිනාවෙද්දී එකපාරටම call එකක් ආව නිසා phone එක අතට ගද්දී call id එකේ තිබුණ නම දැකලා හෝසෝක් ගේ මූණට ඉබේම හිනාවක් ආවා. ... phone එක answer කරපු හෝසෝක් " හරි මං දැන් එනවා .."

කියන ගමන් යන්න ගියේ ලොකු සතුටකින්...

.

.

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now