♡9♡

34 10 45
                                    


Hoseok POV ,

මං වෙනදා වගේම uni එකේ ලෙක්චර් hall එකට යද්දී මට ඈතින් ටිකක් හුරුපුරුදු රූපයක් දැක්කේ ..

" මොහ් .. මේක වෙන්න පුලුවන්ද. .." මට ඒ වෙලාවේ මාරම සතුටක් දැනුනේ ..ඒ මගේ high school කාලේ best friend කෙනෙක් වුණ නම්ජුන්ව මූණටම හම්බවුණ නිසා ..

" අඩෝ නම්ජුනා උඹ මෙහේ .." " අඩෝ හෝසෝකා .. දැක්ක කල් .." නම්ජුන් මගේ කරට අත දාගන්න ගමන් කියද්දි ..

" උඹේ phone එකට මං කොච්චර call ගත්තද.. ඒකත් මීට අවුරුදු දෙකකට කලින් .." මං namjoon ගෙන් අහද්දී නම්ජුන්..

" අඩෝ මිආන්හේ හෝසොකා .. මගේ phone එක නැති වුණා ..ඒ නිසා මං ලග තිබුණ කිසිම nb එකක් නෑ දැන් ..." නම්ජුනා මගෙන් සමාව ගනිද්දී මං..

" අහ් ඒකට කමක් නෑ බං .. මං ලග තියෙනවා අපේ school කාලේ set එක ගේ numbers ...ඉතින් මොකෝ මේ පැත්තේ " මං අහද්දී නම්ජුන්...

" ආ ඒකද .. මං බූසාන් uni එකෙන් මේකට මාරු වුණා .. " නම්ජුනා පොඩි පැණි හිනාවක් දානගමන් කියද්දී මට තේරුණා මූ ඒකටම නෙවේ ආවේ කියලා ...

" පොඩ්ඩක් හිටපන් උඹේ මොකක් හරි හොරයක් තියෙනවා .. "  මං නම්ජුනාගෙන් අහද්දී නම්ජුන් කියන්න හදනකොටම එකපාරටම..

" සර් .. සර් .." පිටිපස්සෙන් ඇහුණ කටහඩ නිසා මං පිටිපස්ස හැරෙද්දී ..

" අහ් සුන්මි ..වේ .." මං එහෙම අහද්දී සුන්මි හිනාවෙන ගමන් " මීහා ඔන්නි සර්ගේ කෑම ඒක ගෙදර දාලා ඇවිත් කියලා මේ කෑම එක දෙන්න කිව්වා .. " සුන්මි කෑම එක දීලා ලෙක්චර් හෝල් එකට යද්දී මට අද එක දෙයක් ස්තීරයි ..

" අද මං ඉවරයි..." මගේ කටෙන් ඉබේම පිටවෙද්දී නම්ජුන් " වේ හෝසෝකා .." නම්ජුන් අහද්දී ..මං ගොන් හිනාවක් ඌට දාද්දී ඌට ඒක තේරිලා .." උඹව නූනා අද පට්ට ගහයි  ...මේ උඹේ wife ට එහෙම කොහොමද .. හොදින් ඉන්නවා නේද ? .. දැන් ලමයෙක් එහෙම ඇතිනේ උඹට .." ..

නම්ජුන් එහෙම අහද්දී මගේ පපුව හිර වුණා වගේ ඒ වෙලාවේ දැනුණා .. " එයා අපිව දාලා ආයේ නෙඑන්නම ගමනක් ගියා නම්ජුනා .. ආයේ එයාව දකින්න වෙන් නෑ කවදාවත්ම .."මං එහෙම කියද්දී නම්ජුනා ..

" මො .. මොකද්ද සිද්ද වුණේ... මං ඇත්තටම මේ කිසි දෙයක් දැනන් හිටියේ නෑ හෝසොකා .. මිආන්හේ. ..." ජුනා කලබල වෙලා වගේ කියද්දී " එයාට cancer එකක් තිබිලා .. ඒක හොයාගන්නකොට පරක්කු වැඩි ... බබා හම්බවෙලා මාස තුනකින් පස්සේ එයා යන්නම ගියා .. ආ උඹට මගේ number එක ඕනි කිව්වා නේද ? කෝ දියන් මං ගහලා දෙන්න ." මං ඉක්මනටම මගේ කදුලු පිහදාගන්න ගමන් ජුනාගේ phone එකත් උගේ අතින් ඇදලා අරන් nb එක save කරලා දෙද්දී ඌ confuse වෙච්ච මූණකින් මං දිහා බලන් හිටියත් මං ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now