♡11♡

27 8 18
                                    

Author POV,

හෝසෝක් පුංචි ජිමින්වත් වඩාගෙන shop එකෙන් එලියට වෙලා හිටියේ ජන්මි එනකන් ...

" ඔහ් ඇති යන්තන් මේ මල හොල්මන ආවා .. මොනවද ජන්මියා ඔයා මෙච්චර වෙලා කලේ .." අත් දෙකත් පිටිපස්සට කරගෙන හෝසෝක් සහ ජිමින් ලගට එනගමන් හිටිය ජන්මිගෙන් හෝසෝක් අහද්දී ජන්මි ..

" ටන්..ට...ටටා.. මේ බලන්න මගේ චිම් පැටියට මං මොනවද ගෙනාවේ කියලා .." ජන්මි තමන්ගේ මූණ ඉස්සරහින් ලොකු ටෙඩියෙක් තියාගෙන නටන ගමන් පෙන්නද්දී ජිමින් ඇස් ලොකු කරන් බලන් ඉද්දී හෝසෝක්...

" ජන්මියා ඔයා මේ ටෙඩියෙක් අරන් එන්නද ගියේ ..අනික ජිමින්ට ගෙදර ඇති වෙන්න ඕවා තියෙනවනේ .. " හෝසෝක් හයියෙන් කෑගහද්දී ජන්මි හෝසෝක් දිහා ඔරවගෙනම ..

" අයියෝ හොබී .. ඔයා හිතුවද මෙච්චර මේ ටෙඩියෙක් ගන්න වෙලා ගියා කියලා ...අනික ගෙදර කොච්චර ඕවා තිබ්බත් මං අරන් දීපු ඒවා නෑනේ .. හ්ම් .. නේද චිම් .." ජන්මි ජිමින්ට කියද්දී ජිමිනුත් හිනාවෙද්දී හෝසෝක් ..

" හරි කෝ දැන් ගත්ත බඩු ටික " හෝසෝක් ගේ අතේ හිටපු ජිමින්ව තමන්ගේ අතට අරගන්න ගමන් ටෙඩීව ජිමින්ගේ අතට දෙද්දී හෝසෝක් අහද්දී ජන්මි " ආ ඒ බඩු ටික හෙට කූරියර් කරයි .."

ජන්මි ජිමින්වත් වඩන් street එකේ ඇවිදන් යද්දී හෝසෝක් " අනේ මංදා මේ කෙල්ලත් .. ඔයා නිසා මට තව කෙනෙක් මතක් වෙනවා ජන්මියා .. ඒත් .." හෝසෝක් හිතින් හිතන ගමන් ජිමින්ව වඩන් යන ජන්මි පිටිපස්සෙන් ඇවිදන් යන්න ගියේ දුක මිශ්‍ර සතුටකින් ..

ජන්මි පුංචි ජිමින්වත් වඩාගෙන Seoul නගරයේ හතරවටේට ඇවිදින ගමන් ඉද්දී එකපාරටම හෝසෝක් cotton candy දෙකක් උස්සන් ඇවිත් ජන්මිගේ අතට එකක් දෙන ගමන් තමන්ගේ එකත් කකා ඉස්සරහට ඇවිදන් යද්දී ජන්මිත් ජිමින්ව වඩාගෙන හෝසෝක්ගේ පිටිපස්සෙන් යන්න ගියේ ගොඩක් ලොකු සතුටකින් ..

ටික ටික අදුර Seoul නගරය පුරා පැතිර යන්නට පටන් ගත් විගසම වීදි ටිකෙන් ටික ඒකාලෝක වෙන්න පටන් ගත්තේ Seoul නගරය තවත් විචිත්‍රවත් කරන ගමනුයි ..

විදීය පුරා ඇවිදිමින් යන කලබලකාරී  සෝල් නගරවැසියන් දෙස බලනගමන් ජන්මි හෝසෝක් එක්ක cafe එකකට යන්න ගියේ ජන්මිගෙ අතින් ජිමින්ව තමන්ගේ අතට ගන්න ගමනුයි ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now