♡23♡

23 6 38
                                    


" ඒ තමයි මගේ රියා " .....

Author POV ,

අසුරු සැනයකින් කාලය ටික ටික ගෙවිලා ගියේ මින්හි ජෙනී හරහා සුන්මි ව අමාරුවෙන් යාළු කරගනිද්දී ...

ඒ වගේම අලුත් couple එක වුණ ජන්මි හෝසෝක් පෙම් සුව විදිමින් ආදරයෙන් කාලය ගත කළා .

ඒ වගේම ජෙනී සුපුරුදු විදිහට තමන්ගේ ආදරේ ආපහු වෙන කෙනෙක්ගේ වුණ එක ගැන දුක් වුණත් ඇය කවදාවත් ඔවුන්ට වෛර කළේ නැහැ . ඒත් එදා වගේම අදත් ඇය එය අමාරුවෙන් ඉවසන් ඉඳියා .

ඒ වගේම තවත් කෙනෙක්ට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා . ඒ ජන්ග්කුක්ට .... ඒත් එයත් ඒකපාර්ශවික ආදරයක් .

.

.

" ජන්මි ඔයා කැමති මෙතනින් මොකටද ? " ජන්මිගේ උරහිස් වලින් අල්ලන් හෝසෝක් ඔවුන්ගේ තව මාස දෙකකින් පැවැත්වෙන wedding එකට rings තෝරමින් ඉදියා . ඒ වගේම තමන්ගේ ඔන්නි වෙනුවෙන් necklace එකක් ඒකත් ජෙනී ආසම විදිහේ white diamond ඔබවා නිම කරපු අලුත්ම disigne වලින් හැඩ වුණ necklace එකක්.

එයා එක ගන්න හදද්දිම එතනට ආව ජන්මි ඒක අතට ගන්න හදනකොටම සුන්මි ඒක අතට අරගනිද්දී ජන්මි පුදුමෙන් " hey , මමයි ඕක මුලින්ම දැක්කේ " කියමින් කථා කරද්දී සුන්මි කිසි හැඟීමක් නැති මූණකින් " මමයි මේකට කලින් දවසෙම pay කරලා ගත්තේ " කියද්දී එතනට ආව හෝසෝක් " ඔහ් සුන්මියා , කොහොමද ඉතින් ? අහ් මේ අර ඔයා කිව්ව necklace එක නේද ? අනේ සුන්මියා ඕක දෙන්න පුලුවන්ද මොකද ජන්මි ගේ wedding dress එකට ගැළපෙන එක ඕක "

හෝසෝක් හිනාවෙලා කියද්දී සුන්මි " මං මේක කලින්ම pay කරලා ගත්ත එකක් Mr. Jung " සුන්මි කථා කරද්දී හෝසෝක් " මං ඔයාට ඒකට pay කරන්නම් සුන්මි " කියද්දී " sorry Mr. Jung , මේක හෙට මගේ ඔන්නිගේ birthday එකට මං ගත්තේ . "

සුන්මි එලෙස කියද්දී හෝසෝක් " ඔහ් එහෙමද ? එහෙනම් ඕක ගන්න බෑනේ , babe අපි වෙන එකක් බලමු " කියමින් ජන්මිව එක්කන් යද්දී සුන්මි කටකොනකින් හිනාවෙන ගමන් necklace එකත් අරන් ගෙදර ගියේ ජන්මි " එයා මට එච්චර කැමති නෑ වගේ " හෝසෝක්ගේ අත අල්ලන් ඉද්දී හෝසෝක් " අනී ජන්මියා , එයා එයාගේ ඔන්නිට ගොඩක් ආදරෙයි . එයාට ඕක අරන් දෙන්න ඕනිම නිසයි එයාට ඒක දෙන්න බැරුව ඇත්තේ . නැත්නම් සල්ලිත් නොගෙන එයා ඕක දෙන්නෙ . ඒ තරමටම එයා හොඳ කෙල්ලෙක් "

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now