♡29♡

22 5 9
                                    


Author POV ,

ඉතින් කාලය ගත වීගෙන ගියේ ගොඩක් අයගේ ජීවිතය එක එක දිශාවන්ට සතුටුදායක් ආරම්බයක් ලබා දෙමිනුයි . නමුත් හෝසෝක්ට නම් එය වෙනස් වූණා . ඒත් ඔහු තමන්ගේ පුතාව තනිවම හදාවඩා ගන්නට තීරණය කළේ තමන්ගේ පුතාට වෙන ගෑනියෙකුගෙන් තවත් අඩත්තේට්ටම් වෙනවට අකමැති නිසායි .

එහෙත් තව එක කරුණක් නිසා ඔහුගේ හදවතෙහි සියුම් වේදනාවක් ගොඩනැංවී තිබුණා . ඒ කලින් අවසන් වතාවට ජන්මිව මුණගැසුණු වෙලාවේ ඇය ඔහුට කිව්ව කරුණ නිසයි . නමුත් ඔහු තමන්ටම කියාගත්ත කරුණ " මං දැන් පරක්කු වැඩි . මං ඇයි මෙච්චර මෝඩ වුණේ " ඔහු එසේ සිතමින්ම එක රූපයක් දිහා ඈත ඉඳන් සමාව අයදිමින් බලා සිටියා .

.

.

" උව්ව් පැටියෝ ඔයාගේ ඊමෝලා ආවා ඔයාව බලන්න ... " සුන්මි එලෙස කියමින් පුංචි ජිමින්ව වඩාගෙන ඉබ්ගෙන ගියේ ජිමින් කවදාවත් නැතුව සුන්මිගේ අතට සතුටින් එද්දියි .

ඔව් හෝසෝක් දැන් දන්නවා සුන්මි වගේම ජෙනී වගේම මිසිස් කිම් කියන්නේ රියා නැත්නම් ජෙසීගේ පවුලේ අය කියලා.

.

.

ඒ වගේම තව ආදර කතා වල නව ඇරඹුමකුත් මේ කාලයේදීම සිද්ද වුණා . ඒ ජිමින් රෝස් ආදර කතාව . ඩබල ඒ දවස් වල ඉදන්ම දෙන්නට දෙන්නා පැණි වක්කර වක්කර ඉදියට love එක ගැන කියාගන්න විදිහක් නැතුවලුනේ ඉදියේ අන්තිමට love වලට උපාධි පිට උපාධි දාපු සුන්මි ඒ දෙන්නවා සෙට් කලා . හහ් ඒ ආදර කතාවත් එහෙම වෙද්දි තවත් ජෝඩුවක් සෙට් වෙලා. ඒ වෙනකවුරුවත් නෙවේ සුන්මියි ටේයි .

උපාධි පිට උපාධි දැම්මට මොකෝ සුන්මිට තමන්ගේ හිතේ කැමැත්තෙන් ඉදපු ටේට ඒක කියාගන්න බැරුවයි ඉදියේ , ඒත් ටේම සුන්මිගෙන් අහද්දී සුන්මි උඩ ගියේ නැති එක විතරයි . සුන්මි එදා දවසම ජෙනීට තමන්ගේ මේ සිද්දිය ගැන රස කර කර කිව්වා . ඒත් ජෙනී හිත ඇතුලින් ටිකක් අවුලින් ඉදියේ ඒත් ඇය සාර්ථක විදිහට ඒ හැඟීම හැංගුවා .

ජෙනීට ජන්ගුක් ගැන දුක හිතුණා .  සුන්මි ටේට කැමති එකට ජන්ගුක් කොහොම react කරයිද කියලයි ජෙනීට ඒ වෙලාවේ මතක් වුණේ .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Wo Geschichten leben. Entdecke jetzt