♡ 18 ♡

24 7 8
                                    

Author POV ,

එලෙස දිනෙන් දින ගත වෙලා ගියේ හරි ඉක්මනට . " සුන්මියා " ජෙනී සුපුරුදු විදිහටම සුන්මිට කථා කරද්දී ඉක්මනින්ම එතනට තමන් කර කර හිටපු assignment එකත් පැත්තකට දාලා ආවේ තමන්ගේ ඔන්නි තමන්ට කථා කරන හේතුව දැනගන්න .

" ඔන්නී " ළඟට ඇවිත් හිමින් සීරුවේ අහද්දී ජෙනී " අනේ පැටියෝ , ඔයා මගේ closet එකේ තිබුණ box එකක් දැක්කද ? , මං එදා මීහා ඔන්නිගේ ගෙදර යන්න කලිනුත් ඒක එතන තිබුණනේ " ජෙනී ටිකක් බයෙන් වගේ අහද්දී සුන්මි හිත ඇතුලෙන් " හුටා ඒ මගුල මං ඇඳ යටට දැම්මනේ කලබලේට ශිට් , දැන් මොකක්ද කියන්නේ , ඔන්නි ටිකක් බයෙන් වගේ අහන්නේ . මං දන්නවා ඔයා ඒක හැංගුවට "

" අනේ ඔන්නී ඔයා මොන box එකක් ගැනද කියවන්නේ , කෝ එන්න බලන්න අපි හොයමුකො " සුන්මි room එක පැත්තට යන්න හදද්දී ජෙනී සුන්මිගේ අතින් අදින ගමන් " ඒක ගැන worry වෙන්න එපා princess , ඒක එච්චර වැදගත් දෙයක් නෙවේ ." ජෙනී හිනාවෙන ගමන් සුන්මිගේ අත ඇදලා තමන් ළඟින්ම වාඩි කරගන්න ගමන් ,

" ඔයා මොකක්ද කලේ මගේ room එකට , මුළු closet එකම අනිත් පැත්ත ගහලා එක දවසට " ජෙනී ඔරවලා කියද්දී සුන්මි දත් ටිකත් පෙන්නලා හිනාවෙන ගමන් තමන්ගේ ඳබරැඟිල්ලි දෙක එකට අනින ගමන් " ම්ම්ම් මේකයි ඔන්නී " " මොක්ද්ද ? කියමු බලන්න " ජෙනීත් තොල් දෙක තද කරන් හිනාව වළක්වගෙන අහද්දී " ඔයාගේ ඇඳුම් සේරම ලස්සනයි අනේ , ඉතින් එකක් තෝර ගන්න අමාරු වුණා " බිම බලන් ටයිල් පොළොව හාරන්න ලොකු උත්සහයක් දරන ගමන් සුන්මි ඇඟිලි පටලව පටලව කියද්දී මේ මලකෝලං දිහා බලන් ඉදිය ජෙනී සුන්මිව " අනේව් .. මගේ පැටියා , ඔයා හරිම cute අනේ " කියමින් තදින් වැළඳගත්තේ ගොඩක් ලොකු ආදරයකින් .

ජෙනී කොච්චර අනිත් අය ඉදිරියේ සීතල වුණත් සුන්මි ඉස්සරහා හරිම ආදරණීය සහෝදරියක් වුණා . සුන්මි ත් අනිත් අයත් එක්ක ගහගෙන බැනගෙන ගියාට ජෙනී ඉස්සරහ එයා හරිම පුංචි ළමයෙක් වගේ හැසිරුනේ .

" ඔන්නී , අනේ අපේ ගෙදර යමුකෝ . මං හැමදාම ඔයාව බලන්න එනවා ඔයා තම එන්නැත්තේ " ජෙනීගේ තුරුලෙන් ඉවත් වෙන ගමන් ඔරවන් කථා කරන සුන්මි දිහා බලන් ජෙනී " හනේ හනේ පොඩි ළමයෙක් වගේ , ම්ම්ම් ඔන්නී එන්නම්කෝ " කියද්දිජ් සුන්මි " කවදද ? " කම්මුල් දෙකත් පුම්බං ඔරවලා අහද්දී ජෙනි " දවසක් කියන්න බෑ ඉතින් " " අන්න ඒකනේ දැක්කද ? ඔය පැන්නේ බළලා මල්ලේන් බිමට ඔයා එන්නේ නෑ , මං යනවා යන්න " සුන්මි එතනින් නැගිටලා room එකට ගියේ ජෙනී කථා කරන එකවත් ගනන් නොගෙනයි .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now