♡21♡

22 7 28
                                    

Author POV ,

වැසි බර දිනයක වැඩිය සෙනගත් නැති cafe එකකින් හොඳ උණුසුම් කෝපි කෝප්පයක් බොන ගමන් තමන්ගේ phone එක ඔබ ඔබා ඉඳපු හෝසෝක්ට දැනුණා තමන් ළඟට කෙනෙක් ඇවිත් බලන් ඉන්නවා වගේ . ඒ නිසා ඔලුව ටිකක් උස්සලා බලපු හෝසෝකේ ඇස් දෙක උඩ ගියේ එතන ඒ තමන්ගේ දෑසට හසු වුණ රූපය නිසයි .

දෙතුන් පාරක් තම ඇස් පිල්ලම් ගහපු හෝසෝක් ඒ කෙනාව දැකලා තාමත් පුදුමයෙන් බලන් ඉන්න නිසාම ඒ කෙනාම හෝසෝක්ට කථා කරන්න තීරණය කළා .

" හොබී ඉතින් කොහොමද ඔයාට " ඒ කෙනා එහෙම හිනා වෙලා අහද්දි ඒ කොළ පාට ඇස් සහිත දුඹුරු පාට හිසකෙස් ඇති තරුණිය දිහා ඇස් පිල්ලම් නොගහපු හෝසෝක් " ජන්මි " කියද්දී ජන්මි " මං මෙතනින් ඉඳ ගත්තට කමක් නැද්ද " අහද්දී හෝසෝක් ,

" ඔයා මොනවද මේ අහන්නේ ඔයාට ඉඳගන්න පුලුවන්නේ මේ cafe එක මගේ නෙවේනේ අනික මට මතකයි මට ඔයාව මුලින්ම meet වුණ දවසෙත් ඔයා ඔය විදිහටමයි මගෙන් ඇහුවේ " කියද්දී ජන්මි " ඔව් ඔව් ඔයත් ඔය දැන් කිව්ව විදිහටම තමයි මට එදා කිව්වේ " හිනා වෙලා කියන විටදී " එහෙනම් ඇයි ඔයා මගෙන් අහන්නේ මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද කියලා "

ජන්මි ඉඳගන්නා අතරේ හෝසෝක් එලෙසින් අසන විට ජන්මි " මොකද මේ cafe එක ඔයාගේ නොවුණත් ඔයා වෙන කෙනෙක්ගෙනේ ඒකයි " coffee එකෙන් උගුරක් බොන අතරේ කිව්ව දේට හෝසෝක් ට ඇත්තටම තමන් ගැනම තරහක් ඇතු වුණා වගේම ජන්මි ගේ හිත රිද්දුව එක ගැන ලොකු දුකකුත් දැනුණා .

" දැන් ඒ relationship එක ඉවරයි ජන්මි " හෝසෝක් cafe එකේ වීඳුරු ජනේලයෙන් එහා වැස්සට කලබලකාරි ලෙස කුඩත් ඉහලන් දුවන මිනිසුන් දිහා බලන් ඉද්දී ජන්මි " ඔහ් එහෙමද ? " මඳ හිනාවකින් කියද්දී හෝසෝක් " ඔයා ඇයි මට නොකියම ගියේ අනික ඇයි phone off කරන් ඉඳියේ මං ඔයාව හැමතැනම හෙව්වා ඒ වගේම මං ගොඩක් බය වුණා "

හෝසෝක් කියමින් ජන්මිගේ අත් අල්ල ගන්න අතරේ ජන්මි " හිත බිඳුණා ගොඩක් මං ඒ බිඳිණු හිතේ කෑලි එකතු කරලා ගොඩක් අමාරුවෙන් අලවගත්තා ඒකට ටික කාලයක් ගියා " ජන්මි කියන හැම වචනයකින්ම හෝසෝකට වේදනාවක් දැනුනත් ඒක ඉවසන් ඉදියා මොකද වැරැද්ද ඔහුගේ කියලා ඔහු හොඳටම දන්න නිසා .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Tempat cerita menjadi hidup. Temukan sekarang