♡28♡

22 6 15
                                    


Author POV ,

ඉදින් කාලය හීයක් දුන්නකින් මුදවලා හැරියා තරම් වේගෙකින් ගලා ගියේ හෝසෝකට තමන්ගේ ජීවිතේ තවත් එපාම කරපු අමතක නොවුණ මතකයක් බවට හරවමින් . දෛවයට මෙතරම්ම කුරිරු වියහැකිද කියලා ඔහුට සැරින් සැරේ හිතන්නට සලස්වාවි . එමෙන්ම ඔහුගේ බලාපොරොත්තු එකින් එක බිදිලා ගියේ ඔහුගේ හිතින් රියාගෙන් සමාව ගනිද්දියි .

හෝසෝක් uni එකේ නිවාඩු දිනයක් වුණ නිසාම පුංචි ජිමින්ව හුරතල් කරන ගමන් හිටියේ . ඒවගේම ජන්මිත් ඒ හරියෙන්ම හිටියා .ඒත් එකපාරම හෝසෝක් දැකපු දෙයක් නිසා " ඔහ් අදල්ගේ අත් මොකද මේ තුවාල වෙලා " හෝසෝක් ටිකක් හිමින් කිව්වත් පැත්තකින් හිටපු ජන්මිගේ කන් වලට නම් ඒක හොඳටම ඇහුණා .

" ඔහ් හොබී බලන්නකෝ මං මේ cream එකක් ගන්න කියලා අපේ අදල්ට . " එහෙම කියන ගමන් තමන්ගේ drama එක ආරම්භ කරපු ජන්මි එලෙස කියමින් හෝසෝක් ළඟට ඇවිත් ජිමින්ව වඩා ගන්න හදද්දිම ජිමින් ජන්මි ළඟට නොයාම අඬන්න පටන් ගත්තේ ජන්මිගේ මූණ හෝසෝක්ට නොපෙන්වාම කේන්තියෙන් පිරෙද්දියි .

" වේ ජන්මියා " හෝසෝක් එසේ අහන ගමන් ආපහු තමන්ගේ අදල්ගේ තුවාල දිහා බලද්දී " මෙයා දැන් එලියෙමයි  හොබී . මඳුරුවෝ කාලා බලන්න මේ කසලා තුවාලත් කරන් " ජන්මි කියද්දී හෝසෝක් ජන්මි ගැන තිබුණ විශ්වාසෙට ඒ දේ පිළිඅරන් " ඔහ් ඒක තමයි මේ " හෝසෝක් ලාවට හිනාවුණත් ඔහුගේ මූණෙන් ඕනිම කෙනෙක්ට දැක ගන්න පුලුවන් ඔහු තමන්ගේ දරුවව මඳුරුවෙක් කාපු එකටත් කොච්චර දුක් වෙනවද කියලා .

මොකද ඔහු රියා නැත්නම් ජෙසී නැති වුණාට පස්සේ තමන්ටම ඔහු කියාගත්තේ එකදෙයයි ' මං මගේ දරුවව පුංචි දුකක්වත් ඇති නොවෙන්න බලාගන්නවා .' ඒත් අද ඔහුට දැනුනේ එකදෙයයි ඔහු අදත් ඔහුගේ හිතින් ' මං අසාර්ථකයි ද ? '

ඒත් ටික වෙලාවක් යද්දී පොලිසියෙන් ගෙදරට එද්දී හෝසෝක් ඒක ඒතරම් ගණන් නොගත්තත් ජන්මිගේ හිතේ නම් චකිතයක් තිබුණා.

" ම්ම් මිස්ටර් ජන්ග් , අපි ආවේ මිසිස් ජන්මිව ඇරෙස්ට් කරන්න " එලෙසින් කියද්දී ජන්මි බයෙන් සලිත්ව ගියේ තමන් කීයටවත් නොහිතපු දෙයක් සිදුවුණ එක ගැන .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now