♡4♡

51 12 62
                                    

One year after ,

දැන් පුංචි ජිමින් ට වයස අවුරුද්දක් .... ඒත් ඒ පුංචි පැටියාගේ අම්මා නැතුව ...

" සොකී ... ඔයා කොහෙද යන්න හදන්නේ ජිමින් වත් අරගෙන ..." මීහා එලෙස අසමින් හෝසෝක් අතට ජිමින් ව දෙන ගමන් නැවතත් " ආ සොකී .. මේකේ ජිමින්ගේ කිරි බෝතලෙත් තියෙනවා .." ආ අනික අද ටිකක් සීතලයි ... " හෝසෝක් " හරි හරි නූනා ..." කියමන් එලියට යන්න ගියේ මීහා තවත් එක එක දේවල් හෝසෝක් ට කියද්දී ...

පිටතට ආව හෝසෝක් " දැන් ඉතින් මාව මතක නෑ කාටවත් හුම් .. බලන්න අදල් .. නැන්දා ඔයාගේ අප්පට වෙනස්කම් කරනවා .." හෝසෝක් කටත් උලුක් කරගන්න ගමන් පුංචි ජිමින් දිහා බලද්දී ජිමින් හිනාවෙන්න ගත්තා ...

ජිමින් හිනාවෙනවා දැකපු හෝසෝක් වාහනේට නැගලා හිනාවෙන ගමන් " මෙයාට හිනා හහ් .. " කියන ගමන් පුංචි ජිමින්ගේ මුලු මූණම සිබින ගමන් හෝසෝක් කියද්දී පුංචි අවුරුද්දක් විතර වයස ජිමින් දත් දෙකක් තුනක් පමණක් තියෙන පුංචි කටෙන් හයියෙන් හිනාවෙන්න ගත්තේ හෝසෝක්ගේ හිතේ ජිමින් ගැන දරු සෙනෙහස උතුරාගලා යද්දී ....

හෝසෝක් ජිමින් ව තම ඔඩොක්කුව මත තබා ගනිමින් වම් අතින් ජිමින් වත් දකුණු අතින් ස්ටීරින් වීල් එකත් අල්ලන් park එකට යන්න ගියේ අද හිතේ හැටියට තමන්ගේ දරුවත් එක්ක ගත කරන්න හිතාගෙනයි ...

පුංචි ජිමින්ට රතු පාට ice cap එකකුත් දාපු හෝසෝක් පුංචි ජිමින්ගේ ජර්සි එකත් හදලා එහා ශීට් එකේ ජීවින්ගේ බඩු තිබ්බ බෑග් එකත් වම් අතට අරන් දකුණු අතින් ජිමින්ව ත් වඩන් car key එකත් අතට අරන් car එකත් lock කරලා ටිකක් ඇවිදින ගමන් ඉද්දී පාරේ ඇවිදිමින් හිටපු හැමෝම හෝසෝක් දිහා බල බල යන්න ගියා ..

ඒ බල බල ගියපු පිරිසෙනුත් වැඩි පිරිසක්ම කාන්තා පාර්ශවයේ අය එයාලගෙනුත් තරුණ ගෑණු ලමයි...

හෝසෝක් ඒ තරම්ම කඩවසම් .. ඔහුට තරුණියෝ වශී නොවුනොත් තමයි පුදුමේ ...

ටික දුරක් ඇවිදිද්දි එකපාරටම හෝසෝක් ට ටිකක් හුරුපුරුදු කටහඩක් ඇහුණ නිසා පිටිපස්ස හැරිලා බලද්දී දැක්කේ girl කෙනෙක්ව ...

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now