♡26♡

25 6 33
                                    


Author POV ,

නිදහසේ කාලය ගත වෙලා යනවත් එක්කම සුන්මිත් ටික ටික ඉක්මනටම සනීප වුණා වගේම දැන් එයාට අලුත් යාලුවෙකුත් ඉන්නවා . ඒ වෙන කවුරුත් නෙවේ ජිමින් . කොල්ලත් සුන්මි ටම ගැලපෙනවා දෙන්නම තකට තක .. ඒ තරමටම පිස්සු කොච්චි දෙකක් . ජෙනිත් මේ ඩබලගේ පිස්සු වැඩ දැකලා හිනා නොවී ඉන්න බැරි වුණා .

" ඕයි ඕක දෙනවා ඕක මගේ " වෙනදා වගේම අදත් ජිමින් එක්ක සුන්මි රණ්ඩු අල්ලන ගමන් ගේ පුරා දුවන්න පටන් ගත්තේ බලු පැටවු දෙන්නෙක් වගේ . මේක දැකපු ජෙනී " heyyy... පිස්සු ඩබල මොකද මේ පොඩි උන් වගේ අදත් රණ්ඩුවක් පටන් ගත්තේ ආ "

ඉණටත් අත් දෙක තියන් ජෙනී තරවටු බැල්මකින් බලන් ඉද්දී සුන්මි " මේ යස්සනී මගේ චොකලට් එක ඉස්සුවා " සුන්මිට රවලා ජිමිනුත් කියද්දී ජෙනී " අනේ චිම් ඔයාලා නම් අනේ මන්දා ... මං යනවා company එකට ඔය දෙන්නා ඕනි විකාරයක් නටාගන්න "

ජෙනී හිමින් සැරේ එතනින් මාරුවෙද්දී කුකිත් ජෙනී පස්සෙන්ම එතනින් මාරු වෙලා ගියේ " ඔන්නීඊඊඊඊඊ " කියමින් සුන්මි මුළු ගේම උඩු යටිකුරු වෙන්න කෑගහද්දී යි . ඒ වෙනමුකුත් නිසා නෙවේ ජිමින් සුන්මි අතේ තිබුණ තමන්ගේ චොකලට් එක ටක් ගාලා උස්සපු නිසයි .

.

.

ජෙනී එක්ක ජන්කුක් company එකට ඇවිත් පැය කිහිපයකට විතර පස්සේ සුන්මිත් ජිමින් එක්ක එනවා දැකපු ජෙනී " නඩුවක් නොවුණොත් ඇති .. Oh my god ... Plz " හිතින් මුමුණාගන්න ගමන් ආයාසෙන් මේ ඩබල දිහා බලලා හිනා වෙද්දී " මෙන්න මෙයාට මොකද්ද කියන්න තියෙනවලු "

" මොකද්ද princess " ජෙනී file එකක් චෙක් කරන ගමන් අහද්දී " ඔන්නී මටත් දැන් ජොබ් එකක් කරන්න ආසයි ... Uni එකේ final එකත් ලියපු නිසා මං හිතුවා ..... ". අතේ ඇඟිලි දාගෙන පටලෝන ගමන් ඇඹරෙද්දී ජෙනී " හරි හෙට ඉඳන් ඔයා මේ company එකට එන්නකෝ නිකන් ඉන්න එකේ "

ජෙනීට කියලා කට ගන්න හමබ්වුණේ නෑ සුන්මි එකපාරටම ජෙනීව බදාගත්තා " කුමාවෝ ඔන්නී " ...

" එහෙනම් මං යනවා ... මං දැන් පොලිස් ඩිපාර්ට්මන්ට් එකට යන්න ඕනි .. පරිස්සමෙන් ඉන්නවා මළ යස්සනී " සුන්මිට තව වචනයක් කියන්න නොතියා ජිමින් එතනින් වාෂ්ප වෙලා ගියේ සුන්මි ගිනි කන්දක් වගේ පුපුරන්න ඔන්න මෙන්න ඉඳ්දීයි .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now