දෙවෙනි වර්ෂාව

381 35 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

                          යකූ මම කවුද..??? මම යුවිත් . ඇම්ස්ටර්ඩෑම් සිටි එකම කුලප්පු කරපු සෙස්සී මොඩ්ලර් මමනේ ඩෙයියනේ.. මට බෑනන් මගේ හබියාව සෙඩියුස් කරන්න කාටද මිනිහෝ පුලාන්.. කමෝන් යුවී යූ කැන් ඩූ දිස්... ඔහ් මිස්ටර් යෙවිස් ගෙට් රෙඩි ෆෝ යුව සෙස්සී ඈස් හස්බන්ඩ්.... හුහ්..

මං මාවම චියර් අප් කරගත්තත් එක තත්පරෙන් ඒ ඕක්කොම ප්ලෑන් විනාස වෙලා ගියා...

"යුවිත්...........!!!!"

දොර ගාව ඉදන් සදෙව්මි අක්කා කෑ ගහපු විදියට මායි , සේප් කාමරෙන් ලිස්සලා යන ගමන් හිටිය රන්සිළුයි දෙන්නම උඩ ගියා.. ඒ පාර මොන කුණ්ඩවාලියක්ද?? මගේ නමට පස්සෙන් වලිගේ වගේ එල්ලිලා තිබුණ මැණික කෑල්ලත් කපලා දාලා, සදෙව්මි අක්කා කේන්තියෙන් වගේ කතා කරන හැටි දැක්කම සිරාවටම බය හිතුනේ නෑ කිව්වොත් බොරු... මේකත් මල යස්සනී වගේනේ වෙලාවකට නම සංගායනා උනාට..

"ස.. දෙව්..මි අක්කේ..???"

එක පාරට ගැස්සුන නිසා හයියෙන් ගැහෙන පපුවට අතකුත් තියන් මං අක්කට කතා කලේ.. ඒත් අක්කනම්, කිසි හිතක් පපුවක් නෑ වගේ ආව ගමන්ම අල්ල ගත්තේ මගේ බෙල්ලෙන්ම... 🥴

"කොහෙන්ද යුවිත් මේක ඔයාට...??"

සදෙව්මි අක්කා ඇහුවේ අත් දෙකෙන්ම මගේ බෙල්ල අල්ලගෙන.. හැයි යකූ.. බෙම්ල කොහෙන්ද අහන්නේ මේකිට පිස්සුද...??
ඩෙයියනේ අක්කේ අම්මපල්ලා මං දන්නෑ ඕයි.. මං ඉපදෙද්දීත් ඕක ඔහොම්ම මගේ ඔලු ගෙඩියට සෙට් වෙලා තිබුනේ...

කියලා මට කියන්න හිතුනත් මං කිව්වේ නෑ...

මොකටද නිකම් මී හරක් කුලප්පු කරන්නේ.. අනික මගේ වචන බයටම උගුර ඇතුලේ හිරවෙලා තිබුනේ.. මොකද මං එක පාරකුත් පවුලකින් ප්‍රතික්ෂේප වුන කෙනෙක් .. දෙවෙනි පාරටත් ලැබුන පවුලෙන් පයින් ගහලා එලවනෝ දකින්න මට සුට්ටක්වත් ඕන්නෑ... 🥺

"මං ඇහුවේ මේ සුරේ කොහෙන්ද කියලා ඔයාට..??"

සදෙව්මි අක්කා ඒ පාර යාන්තම් කේන්තිය අඩු කරගෙන ඇහුවේ මගේ ඇස් වල කදුලු පිරුණු හින්දද කොහේද?? එයා එහෙම අහනකොට තමයි මටත් මතක් උනේ මගේ බෙල්ලට අලුතෙන් එකතු උන සුරෙ ගැන.. හි හී..  ඒක අමතක උනානේ

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now