පස්වෙනි වර්ෂාව

294 43 2
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

මාසයකට පසු...
___________________________________________

                                
               "අම් මම් මා... " 👶

               "ම්ම්ම්ම්..."

               "අබ් බබ් බා බූ... "👶

               "ඔය ඉන්නේ ... එහා පැත්තේ..."

               "ඌඌඌඋවූඌඌඋ...
                අ..බ්..බා..."   👶

    උදේ පාන්දර තමන්ගේ අප්පොච්චිව හොයාගන්න බැරුව, ත්‍රිබල් බෙඩ් එකක අතරමං වුන අහිංසක පුංචි දරුවෙකුට ඒකගේ අප්පොච්චිව හොයලා දීලා මං ඇදෙන් බැස්සෙ මාර හැපි එකේ... අර කරුමක්කාර බඩේ කැක්කුම සතියකට කලින් හොද වුන ප්‍රීතිය නිමිත්තෙන් මං දානව අද ග්‍රෑන්ඩ් පාර්ටියක්.. ඕ යෙස්... දැන් අහන්න එපා සතියකට කලින් වෙච්චි අලකලංචියට පාර්ටි දාන්නෙ අදද කියලා... ම්හුක් ඒකට එකම හේතුව මගේ මිනිස්සු දෙන්නම ගෙදර ඉන්න දවසක් හොයාගන්න එක දැන් කළුනික හොයනවටත් වඩා අමාරුයි යකූ... මාස එක හමාරකට පස්සේ ගෙදර ආව ලොකූ එක්ක එයාගේ බටු ඇට පුතණ්ඩියා හුරතල් වෙනකොට, මං ඇද කෙලවරේ බිමට වැටෙන්න ඔන්න මෙන්න හිටිය යෙවිස්ව ඇද මැදට තල්ලු කලා..

"ම්ම්ම්... සුදූ තා ටිකක් නිදාගමුකෝ. "

යෙවිස් නිදිමරගාතෙම කියවද්දී මං එයාට කොට්ටයක් දුන්නා මං වෙනුවට තුරුලු කරගන්න.. ඇයි හත්තිලව්වේ මේ තරම් සොමිබර උදයක තව නිදාගන්න පුළුවන්ද??.. ඊටත් අද වන් මන්ත් ඇනිවසරියකුත් තියෙනවා... මට හැමවෙලේම හිතුනට අර පුප සතු එළුවා මොකාද එකා වගේ නිතර නිතර සත්දිරුවට එද්දී යද්දි මූ එන්නෙ හොදකට නෙවෙයි කියලා, මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ අපේ පරාස්ස මා වවුලා, නිවානයගේ එළු දැලේ පැටලෙයි කියලා... කමක් නෑ දුකක් නෑ.. උන්ට හොද නම් මට මොකෝ.. මගේ බඩේ අමාරුවට පිං සිද්ධ වෙන්න අන්තිමට අර තනිකඩ එළුවට කොලු කෑල්ලක් සෙට් වෙච්චි එකම මැදැ මං කියන්නේ.. ඒ සතුටටත් එක්ක මං අස්සයෙක් වගේ  උඩ පැන පැන මහ ගෙදර දිහාවට ගියේ ලොකු අප්පච්චිව බලන්න.. එයාට දැන් හිටියට වඩා සූඌඌඌඌට්ටක් හොදයි.. ඒත් තාමත් එකතැන...  කෝද ඉතින් එයාටත් කිසි උනන්දුවක් නෑනේ නැගිටින්න..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now